ගෙදර ඉන්න බෑ කියා කාටත් හොරා නිදි පැදුරෙන් පෙම්වතා එක්ක පැනගිය දියණිය හැරෙන තැපෑලෙන් මවට එවූ පණිවිඩය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ගෙදර ඉන්න බෑ කියා කාටත් හොරා නිදි පැදුරෙන් පෙම්වතා එක්ක පැනගිය දියණිය හැරෙන තැපෑලෙන් මවට එවූ පණිවිඩය

ගෙදර ඉන්න බෑ කියා කාටත් හොරා නිදි පැදුරෙන් පෙම්වතා එක්ක පැනගිය දියණිය හැරෙන තැපෑලෙන් මවට එවූ පණිවිඩය

අවුරුදු 15ක් වයසැති දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

මෙම දැරිය ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

 

ඉකුත් 14 වෙනිදා රාත්‍රී ඇය මව සමඟ නින්දට ගොස් ඇති අතර රාත්‍රී 12ට පමණ නිවස ඉදිරිපිටින් යතුරුපැදියක් පණගන්වන ශබ්දයක් ඇසී මව අවදිවී බලන විට දියණිය නිවසේ සිට නැත.

 

පසුදින දියණිය විසින් පෙම්වතාගේ නිවසේ ඇයට සිටින්නට නොහැකි බව පවසමින් එස්’එම්’එස් පණිවිඩයක් යවා ඇත.


ඒ පිළිබඳව මව විසින් කරාඬුගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ නිවසක සිටි දැරිය පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු නිවසෙන් පළාගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවරගෙන ඇත.

 

කරාඬුගල සහ ඉඟිනියාගල පොලිස් ස්ථාන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

views

338 Views

Comments

arrow-up