සමලිංගිකයෙකුවීම අපරාධයක් ලෙස පාර්ලිමේන්තු පනතකින් සම්මතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

සමලිංගිකයෙකුවීම අපරාධයක් ලෙස පාර්ලිමේන්තු පනතකින් සම්මතවෙයි

සමලිංගිකයෙකුවීම අපරාධයක් ලෙස පාර්ලිමේන්තු පනතකින් සම්මතවෙයි

නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) කෙනෙකු LGBTQ අයෙකු ලෙස හඳුනා ගැනීම ‘අපරාධයක්‘ බවට පත් කරන පනතක් සම්මත කර ගත් අතර, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ලෙස හඳුනා ගැනීම පමණින්ම අපරාධයක් බවට නම් කර තිබේ. ඒ අනුව වසර 10 දක්වා සිර දඩුවම හිමි වන වරදකි.

 

එරට නීති සම්පාදකයින් පවසා තිබුනේ සමලිංගික සබඳතා සඳහා දැනට ඇති තහනම ප්‍රමාණවත් නොවන බවයි.සමලිංගික සබඳතා හසුවීම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ලෙස පැවති නීතිය මේ අනුව ‘සම ලිංගිකයෙක්‘ යයි හඳුනාගැනීම ලෙස ලඝු කර තිබේ.

 

එතරම් තදින් සමලිංගිකයන්ට එරෙහි නීතියක් සම්මත කරගන්නට හදන ප්‍රථම රට ලෙස උගන්ඩාව ඉතිහාසගතවන බව හියුමන් රයිට්ස් වොච් නිවේදනයකින් දන්වා තිබේ.

 

දැනටමත් අප්‍රිකානු රටවල් 30කට වැඩි ප්‍රමාණයක් සමලිංගික සබඳතා තහනම් කර තිබේ.

 

ලිංගිකත්වය, සමලිංගිකත්වය සහ දුරාචාර ලෙස සලකන හැසිරීම් වර්ධනය කරන බව පවසා 2018 සැප්තැම්බර් මසදී උගන්ඩා බලධාරීන් මුල්වරට මෙම තහනම් නියෝග සඳහා මැදිහත්වී තිබේ.

 

අනතුරුව සමාජයේ මේ ගැන විශාල කථිකාවක් නිර්මාණය විය.

 

යෝජිත උගන්ඩා නීතිය පුද්ගලික නීති සම්පාදකයෙකුගේ පනතක් ලෙස හඳුන්වා දී ඇති අතර රොයිටර් වාර්තාවකින් දැක්වෙන්නේ
 “සාම්ප්‍රදායික, විෂමලිංගික පවුලට” මෙම හැසිරම් තර්ජනයක් බැවින් මෙම දැඩි නීති හඳුන්වා දෙන බව පවසා තිබෙන බවයි.

 

පිරිමි සහ ගැහැණු යන ද්විමය කාණ්ඩවලට පටහැනි "ලෙස්බියන්, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, විකාරරූපී හෝ වෙනත් ඕනෑම ලිංගික අනන්‍යතාවයක්  පවත්වාගෙන යන" ඕනෑම පුද්ගලයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් එම පනතින් නියම කරයි.

 


එමෙන්ම සමලිංගිකත්වය "ප්‍රවර්ධනය කිරීම" සහ සමලිංගික සබඳතා පැවැත්වීම සඳහා "අනුබල දීම" සහ "කුමන්ත්‍රණය කිරීම" ද අපරාධ ලෙස හඳුන්වා ඇත.

views

293 Views

Comments

arrow-up