“මගේ බිරිය ජයග්‍රහණය කරයි කියලා මට විශ්වාසයක් තිබුණා” හොඳම තේ දළු නෙළන්නිය වූ සිදෙයිඅම්මාගේ ජයග්‍රහණය ගැන සැමියා කියූ කතාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වන තේ කර්මාන්තය මේ වනවිට විදුලි බිල වැඩි වීම” ඉන්ධන මිල ඉහළ යෑම” රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ වතු කම්කරු ශ්‍රම දායකත්වය අඩු වීම යන කරුණු හමුවේ වතු සමාගම් දැඩි බාධක මැද වුවත් තවදුරටත් පවත්වාගෙන යනු ලබන්නේ රුපියලේ අගය අඩු වීම හමුවේ නිමි තේ කිලෝවක් සඳහා ලැබෙන ඩොලරයේ අගය ඉහළ යෑම නිසාය.
මෙරට තේවලට ලෝකයේ විවිධ රටවලින් විශාල ඉල්ලුමක් පැවතියද ඉන්දියාව” කෙන්යාව” චීනය වැනි රටවල්ද තේ වගාව සිදු කර ශ්‍රී ලංකාවේ තේවලට වඩා අඩු මිලකට ලෝක වෙළෙඳපොළට නිමි තේ අපනයනය කිරීම හමුවේ අපේ තේවලට තවත් බාධා ඇති වේ.
ශ්‍රී ලංකාවේ තේවලට ඇති ඉල්ලුම තවදුරටත් ලෝක වෙළෙඳපොළේ පවතින්නේ “ශ්‍රී ලංකා ටී බෙස්ට්” යන සන්නාමය තවදුරටත් තේ මිලදී ගන්නා රටවල ගැනුම්කරුවන්ගේ විශ්වසනීයභාවය ඇති කරගෙන ඇති නිසාය.
වර්තමානය වනවිට මෙරට තුළ ජීවන වියදම ඉහළ යෑම හමුවේ වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය පහත වැටීමත් සමඟ තේ කර්මාන්තයේ රැඳී සිටි වතු කම්කරුවන් එම රැකියාවලින් ඉවත් වී වෙනත් රැකියාවල නිරත වීම බොහෝවිට සිදුවේ.
වතු කම්කරුවන්ගේ දූ දරුවන් බොහොමයක් අධ්‍යාපනය ලබා වෙනත් රැකියාවල නිරත වීම නිසා තේ වතුවල වැඩ කිරීමට වතු කම්කරු ශ්‍රමය නොමැති වීම තවත් ගැටලුවක් වී ඇත’ තේ වතු සමාගම් එම කර්මාන්තයේ රැඳී සිටින ශ්‍රමිකයන් තවදුරටත් එම කර්මාන්තයේම රඳවා ගැනීමට විවිධ දිරිගැන්වීමේ ක්‍රම අනුගමනය කරනු ලබයි.
එවැනි දිරිගැන්වීමේ වැඩසටහනක් හේලීස් සමාගම යටතේ පාලනය වන කැලණිවැලි” තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම් විසින් සංවිධානය කර ඇත’ දලු නෙළන කම්කරු කාන්තාවන් අතර හොඳම තේ දලු නෙළන්නිය තේරීමේ තරග පවත්වා අවසන් මහා තරගය එම සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ එම වතු සමාගම්වල කළමනාකරණ අධ්‍යක්‍ෂ රොෂාන් රාජදොරේගේ ප්‍රධානත්වයෙන් නානුඔය” රදැල්ල තේ වතුයායේදී පසුගියදා පැවැත්විණි.
එම වතු සමාගම් යටතේ පාලනය වන වතු 60ක් ඇතුළත් වන පරිදි මාසයක් පුරා හොඳම තේ දලු නෙළන්නිය තේරීමේ මූලික වටයේ තරග පවත්වා ඉන් තෝරාගත් 42 දෙනකු අවසන් මහ තරගය සඳහා තෝර ගෙන තිබිණි.
විනාඩි 20ක කාලයක් තුළ ප්‍රමිතියෙන් යුතු තත්ත්වයේ අමු තේ දලු නෙළන්නිය තෝරා ගැනීමට නිර්ණායක කිහිපයක් යටතේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තරගය පවත්වන ලදී.
මෙම තරගයෙන් ජයග්‍රහණය ලබාගත්තේ තලවකැලේ වතු සමාගම යටතේ පාලනය වන තලවකැලේ “සමර්සෙට් වතුයායේ” පදිංචි ආර්’ සිදෙයිඅම්මා (37) නමැති තිදරු මවයි.
ඇයට අවසන් මහ තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් වතු සමාගමෙන් රු. ලක්ෂ තුනක මුදලක් සහ තේ වත්තේ හොඳම තේ දලු නෙළන්නිය වශයෙන් තේරීපත්වීම නිසා රු. ලක්ෂයක තවත් ත්‍යාග මුදලක් ලබා දුන් අතර ඊට අමතරව ඇයට සහතික පතක්, පදක්කමක් සහ කුසලානයක් හේලීස් සමාගමේ සභාපතිවරයා විසින් පිරිනමන ලදී.
මෙසේ එම වතුයායට ජයග්‍රහණය ලබා පැමිණි ආර්. සිදෙයිඅම්මාව පිළිගැනීමේ උත්සවයක් සමර්සෙට් වතුයායේ වතු අධිකාරි කෝසල විජේසේකර සහ එම වතුයායේ ජේයෂ්ඨ සහකාර වතු අධිකාරි කෙනෙත් ගමගේ මහත්වරුන් සහ එහි වතු කම්කරුවන් එක්ව ඉකුත් පළමුවැනිදා සංවිධානය කර තිබිණි.
සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ ආර්’සිදෙයිඅම්මා මෙසේ කීවාය.
“මම ඉපදුණේ වැලිමඩ, කටුමාන වත්තේ, 2006 දී මම විවාහ වෙලා සමර්සෙට් වත්තට පැමිණියා. මේ වනවිට මට දුවයි, පුතාලා දෙන්නකුයි ඉන්නවා.
ලොකු දුව නානුඔය කාර්බර්ග් දමිළ මහා විද්‍යාලයේ මෙවර අ’පො’ස’ (සා’පෙළ) විභාගයට පෙනී සිටිනවා’ දෙවැනි පුතා එම පාසලේ අට වසරේ අධ්‍යාපනය ලබනවා’ බාලම පුතා මෙවර පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටිනවා.
මගේ සැමියා මේසන් වැඩ කරන්නේ එයා දවසකට රුත 2000 - 2500ත් අතර වැටුපක් ලබා ගන්නවා. එම වැටුප ප්‍රමාණවත් නොවන නිසා 2010 වසරේදී මම වත්තේ තේ දලු නෙළන රැකියාවට එක්වුණා. එදා ඉඳලා අද වෙනකම් මේ තේ වත්තේ වැඩ කරන්නේ.
අපේ ගෙදර මමයි, මහත්තයයි, දරුවෝ තුන්දෙනයි, මහත්තයගේ අම්මයි, තාත්තයි ඉන්නවා.
අපි හත්දෙනාට ජීවත් වෙන්න රටේ දැනට පවතින ජීවන වියදම එක්ක සෑහෙන්න මුදලක් වැය වෙනවා.
ඒ අතරතුර තමයි සමර්සෙට් වත්තේ තේ දලු නෙළීමේ තරගයට මාව තෝර ගත්තේ’ වත්තේ තිබුණ තරගයෙන් මම පළමු ස්ථානය දිනා ගත්තා.
ඊට පස්සේ වතු අධිකාරිවරයා, ජේයෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා, ක්ෂේත්‍ර නිලධාරීන් සහ සහෝදර වතු කම්කරුවනුත් මට අවසන් මහ තරගයට සහභාගි වෙන්න අවශ්‍ය පුහුණු වීම්වලදී විශාල සහයෝගයක් ලබා දුන්නා.
අවසන් මහ තරගයෙන් මට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා වතු පාලන අධිකාරියත් මගේ සැමියත් දරුවනුත් මාව දිරි ගැන්වුවා.
අවසන් මහ තරගයට දෙවියන්ගේ අශීර්වාදයත් මට ලැබුණා කියලා මම හිතනවා’ මම එම තරගයෙන් ජයග්‍රහණය කළා.
මට හරිම සතුටුයි” මම වගේම මේ වත්තේ වැඩ කරන අනිත් අයත් මෙවැනි තරගවලට එකතු වෙලා ජයග්‍රහණය කරන්න ඕනි.
මට ලැබුණු ත්‍යාග මුදල්වලින් මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වියදම් කරන්න මම හිතාගෙන ඉන්නවා.”
ආර්. සිදෙයිඅම්මාගේ සැමියා වන ජුඩ් කෙනඩ් අප සමඟ කීවේ මෙවැන්නකි.
“මට විශ්වාසයක් තිබුණා මෙම තරගයෙන් මගේ බිරිය ජයග්‍රහණය කරයි කියලා’ ඇය පිළිවෙළකට වැඩ කරනවා.
එයා හරිම කඩිසරයි. ඒ නිසා තමයි ඇයට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ’ තේ වත්තේ වැඩ කරන එක මදිපුංචිකමක් කියලා සමහරුන් හිතනවා.
ඒ නිසා තේ කර්මාන්තයේ රැකියාවලින් ගොඩක් අය ඉවත් වෙලා ඉන්නේ තේ වත්තේ වැඩ කරන එක ආඩම්බරයි. මම දීර්ඝ කාලයක් වත්තේ වැඩ කළා.
ලැබෙන වැටුප ප්‍රමාණවත් නැති නිසා තමයි මම මේසන් රැකියාව තෝර ගත්තේ’ අපිට වතුර ටික” තේ කොළ ඇතුළු පහසුකම් ගණනාවක් නිකන් ලැබෙනවා.
පිට රැකියාවක නිරත වුණා නම් ඒ සියලු දේ මුදලට ගන්න වෙනවා. ඒ නිසා තේ වත්තේ වැඩ කරන අපි ආඩම්බරයෙන් තමයි ජීවත් වෙන්නේ.”
එම වතුයායේ ජේයෂ්ඨ සහකාර වතු අධිකාරි කෙනෙත් ගමගේ මෙසේ පැවැසීය.
“තේ දලු නෙළීමේ අවසන් මහ තරගයෙන් මේ වතුයායේ කාන්තාවක් ජයග්‍රහණය කරපු එක සමර්සෙට් වත්තේ වතු අධිකාරි කෝසල විජේරත්න සහ වතු පාලන අධිකාරියේ සියලු දෙනා හැටියට අපි සතුටු වෙනවා.
එම තරගය සඳහා පැවති මූලික වටයේ තරගවලදී ආර්’ සිදෙයිඅම්මා හොඳින් තරග කළ නිසා අපි ඇයව තෝරා ගත්තා.
අපි ඇයට මාසයක පමණ කාලයක් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර පාන සහ විටමින් වර්ග නොමිලේ ලබා දුන්නා.
ඇය අවසන් මහ තරගයේ ජයග්‍රාහිකාව මෙන්ම වත්තේ හොඳම තේ දලු නෙළන්නිය වශයෙන් තේරීපත් වුණා.”
මෙම තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ එම වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රොෂාන් රාජදොරේ කියා සිටියේ වැඩි වූ විදුලි බිල හමුවේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල පිරිවැයක් වතු සමාගම්වලට දැරීමට සිදු වී ඇති බවයි.
තවද රසායනික පොහොර තේ වගාව සඳහා භාවිත කරන කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසාත්, වතු කම්කරුවන්ට දෛනිකව රුපියල් දහසක වැටුපක් ගෙවන නිසාත් තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණපාමින් සිදු කරගෙන යෑමට අපට සිදුවෙලා.
වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් සපිරීම නිමිත්තෙන් සහ වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රඳවා ගැනීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වූවා’ තේ කර්මාන්තයේ රැඳී සිටින වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට අපි යෝජනාවලියක් සකසා රජයට සහ වතු වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ තමයි වතු කම්කරුවන්ට දිනකට ගෙවන රු. දහසක වැටුප වෙනුවට ඔවුන් දෛනිකව නෙළන අමු තේ දලු ප්‍රමාණයට සරිලන මුදලක් ගෙවීම
ඒ අනුව වතු කම්කරුවන්ට පැය අටක් වත්තේ වැඩ කරන්න ඕනි නෑ. හොඳම උදාහරණය මෙම තරගාවලිය’ විනාඩි 20ක් තුළ කිලෝ 10 ග්‍රෑම් 450 නෙළා ගන්න තේ දලු නෙළන්නියක් සමත් වුණා.
තේ දලු නෙළන්නියක් රු. දහසක වැටුපක් ලබා ගන්න පැය අටක් වැඩ කරන්න ඕන. කිලෝ 18ක් නෙළන්නත් ඕනෑ.
නව යෝජනාවලිය තුළින් තේ දලු නෙළන්නියකට උදෑසනම පැමිණ තමන්ගේ උපරිමයෙන් පැය කිහිපයක් තුළ තේ දලු නෙළා එම ප්‍රමාණය අනුව මීට වඩා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්.
එතකොට පැය අටක් වැඩ කරන්න ඕන නෑ. අනෙකුත් තේ වගා කරන රටවලත් මෙවැනි ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. මෙම යෝජනාවලියට රජයෙන්වත් වතු වෘත්තීය සමිතිවලින්වත් එකඟතාවක් ලැබී නෑ” යනුවෙන් ඔහු පැවැසීය.
241 Views
Comments