පොලිස් පෙම්වතිය බෑ කිව්වැයි පොලිසියේ යකා නැටූ රාලහාමිට වූ දේ

පෙමට පිටුපෑ, ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එහි පොලිස් නිලධාරින් කිහිපදෙනකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ කොස්තාපල්වරයෙකි.
එම කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල්වරියක සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර කොස්තාපල්වරයා සමඟ පැවැති එම ප්‍රේම සම්බන්ධතාව පොලිස් කොස්තාපල්වරිය විසින් මීට සතියකට පමණ ඉහතදී නවතා දමනු ලැබ ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමෙන් කෝපයට පත් පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකතන ඇමතුමක් ගෙන පොලිසියට කඩාවැදී එම කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම නිලධාරියා කීය.
පසුව ඔහු ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා භට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින්, කලහකාරි ලෙස හැසිරී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකරු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව කියන කොස්තාපල්වරියද එම භට නිවාසයේ රැඳී සිට ඇතැයි පැවසේ. පොලිස් කණ්ඩායමක් පැමිණ කොස්තාපල්වරයා අල්ලා මෙල්ල කර අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.
ඇඹිලිපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති. ඔහුගේ වැඩ තහනම් කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
260 Views
Comments