“දරුවො මං එනකොට ගෙදර හිටියෙ නෑ” - සිඟිති දරු දෙදෙනාගේ නිසල සිරුරු කැලෑ රොදකින් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

“දරුවො මං එනකොට ගෙදර හිටියෙ නෑ” - සිඟිති දරු දෙදෙනාගේ නිසල සිරුරු කැලෑ රොදකින් මතුවෙයි

“දරුවො මං එනකොට ගෙදර හිටියෙ නෑ” - සිඟිති දරු දෙදෙනාගේ නිසල සිරුරු කැලෑ රොදකින් මතුවෙයි

රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ වතු නිවාස පේළියක ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමු වූ බව කුරුවිට පොලීසිය කියයි. 

 

මිය ගොස් ඇත්තේ, ශාන්ත ජෝකිම්  වත්තේ වතු නිවාසයක පදිංචිව සිටි අවුරුදු හතක් වයසැති ගජේන්ද්‍රකුමාර් සර්වනාද් සහ අවුරුදු එක හමාරක් වයසැති ගජේන්ද්‍රකුමාර් නිෂාද් නමැති එකම පවුලේ දරු දෙදෙනෙකි.

 

දරු දෙදෙනා මියගොස් ඇත්තේ කෙසේ ද යන්න සැක සහිත බව පොලීසිය කියයි. දරුවන්ගේ මව වන විසිනව හැවිරිදි කාන්තාවක පවසා ඇත්තේ, තමන්ගේ දරු දෙදෙනා ළිඳේ වැටී සිටියදී ඊයේ අලුයම ගොඩ ගෙන ඒ අසල කැලේ තැබූ බව යැයි පොලීසිය සඳහන් කළේය.



එම දරුවන් දෙදෙනාගේ මවුපියන් පෙරේදා (18) දින සවස ආරවුලක් ඇති කරගෙන ඇති බවට පොලීසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.ආරවුලෙන් පසු  මිය ගිය ළමයින් දෙදෙනාගේ මව අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

 

එම ආරවුලෙන් පසුව මියගිය ළමයින් දෙදෙනාගේ පියා ද නිවෙසින් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. එම මව දරු දෙදෙනා ඝාතනය කිරීමට උත්සාහ දැරූ බවට සැක සහිත තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ද පොලීසිය  කියයි.

 

මේ අතර, දරුවන්ගේ මව පවසා ඇත්තේ, තමන් ආරවුලෙන් පසු නිවෙසින් පිටව ගොස් යළි නිවෙසට පැමිණි විට දරු දෙදෙනා නිවෙසේ නොසිටි බවයි. වතු නිවාස පෙළ ආසන්නයේ ළිඳ පරීක්‍ෂා කිරීමේදී දරුවන් දෙදෙනා ළිඳේ වැටී සිටි බවත්, ඔවුන් දෙදෙනා ගොඩට ගෙන අසල පිහිටි කැලෑවේ තබාගෙන එළි වන තුරු සිටි බවත් ඇය පවසා ඇත.පසුව එතැනින් ඉවත්ව ගොස් පෙති වර්ග  විශාල ප්‍රමාණයක් එකවර බිවූ බව ද සඳහන් කර ඇත. ඇය රෝහල්ගත කර ඇත.

 

දරු දෙදෙනාගේ මරණය ඝාතනයක් විය හැකි යැයි පොලීසිය සැක කරයි. රත්නපුර ප්‍රදේශයට ඊයේ සවස අධික ලෙස වැසි ඇදහැලීමෙන් පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණීමට නියමිතව සිටියේය.

views

260 Views

Comments

arrow-up