“ටෙක් යන්න පටන් ගත්තා.. අම්මලාට සල්ලි නැති නිසා පාර අයිනේ කොළකැඳ විකුණලා එහෙම්ම ටෙක් යනවා”‍ - ජීවිතය දිනන්නට වෙර දරන තරුණයෙකුගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

“ටෙක් යන්න පටන් ගත්තා.. අම්මලාට සල්ලි නැති නිසා පාර අයිනේ කොළකැඳ විකුණලා එහෙම්ම ටෙක් යනවා”‍ - ජීවිතය දිනන්නට වෙර දරන තරුණයෙකුගේ කතාව

“ටෙක් යන්න පටන් ගත්තා.. අම්මලාට සල්ලි නැති නිසා පාර අයිනේ කොළකැඳ විකුණලා එහෙම්ම ටෙක් යනවා”‍ - ජීවිතය දිනන්නට වෙර දරන තරුණයෙකුගේ කතාව

වර්තමානයේ ලංකාවේ තරුන පරම්පරාවේ පවතින ප්‍රධානම ගැටළුව වන්නේ විරැකියාවයි. එය වර්තාමානයේ පවතින ආර්ථික උද්දමනය ආදී වත්මන් ආර්ථික ප්‍රශ්න උද්ගත වෙන්න පෙර සිට දශක ගණනක් පැවැතුණු බරපතළ සමාජ ආර්ථික ප්‍රශ්නයක්.

 

මේ විරැකියාව සමහර තරුනයන් තමන්ගේ ජීවිතය පවා අහිමි කරගන්නා තැනට පත් වන අවස්ථා අප ඕනෑ තරම් දැකලා තියෙනවා. 

 

කොයිතරම් සමාජ ආර්ථික ප්‍රශ්න තිබුනත් තමන්ගේ උත්සාහයෙන් මහන්සියෙන් මුදල් උපයාගන්නට වෙරදරන තරුණ පරම්පරාවක් අපේ රටට ඉතිරිව තියෙනවා.. එවැනි තරුණයෙක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තමා ආරම්භ කළ කුණා ව්‍යාපාරය ගැන ඡායාරූප කීපයක් සටහන් කරමින් මෙසේ සටහන් කරලා තිබුනා. 

 

ජීවිතය ඉදිරියට යාගත නොහැකිව කොයිතරම් වැටුනද උත්සාහය සහ ධෛර්‍යය පවතිනවා නම් කළ නොහැකි දෙයක් නොමැර්ති බව මේ තරුනයාගෙන් ඉගෙනගත හැකියි.

 

"මමත් දඹුල්ලේ කොලකැද බිස්නස් එකක් පටන් ගත්තා. ටෙක් යන්න පටන් ගත්ත සල්ලි නෑ අම්මලගෙන්ම ඉල්ලන්නත් බෑ ගමේ කොල ටික එහෙම තියන නිසා ආවා අදහස . පොඩියට පටන් ගත්තා ගමේ කොල්ලො ටික එහෙම පට්ට සප් එකක් දුන්න පලවෙනි දවසේ.. ටෙක් පටන් ගන්නෙ 8.30ට උදේ 6.00 ඉදල 7.20 වෙනකන් පාර අය්නෙ කොලකැද විකුනලා එහෙම්ම බස් එකේ නැගල ටෙක් යනවා .. දඹුලුඔය හන්දිය හරියෙන් යන එන කෙනෙක් ඉන්නවනම් උදේම කොලකැද වීදුරුවක් බීල යන්න..."

 

 

 

 

views

334 Views

Comments

arrow-up