ලැබෙන පඩිය මදි කියා ත්‍රිරෝදයක් ඉස්සූ පොලිස් රාලහාමි මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ලැබෙන පඩිය මදි කියා ත්‍රිරෝදයක් ඉස්සූ පොලිස් රාලහාමි මාට්ටු වූ හැටි

ලැබෙන පඩිය මදි කියා ත්‍රිරෝදයක් ඉස්සූ පොලිස් රාලහාමි මාට්ටු වූ හැටි

පැහැරගත් ත්‍රිරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමරිශන අංශය කියයි. 


අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත රියදුරකු ලෙස සේවය කරන අයකු බව පොලිසිය සඳහන් කරයි.


කොටස් කර විකිණීම සඳහා ත්‍රිරෝද රථයක් රැගෙන පුද්ගලයකු එන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


සැකකරු පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී ඔහු ඉදිරිපත් කළ ලිපි ලේඛනවලට ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සමාන වූ බැවින් එහි චැසි අංක සහ එන්ජින් අංක එම ලිපි ලේඛන සමග තවදුරටත් සසඳා බලා ඇති අතර එය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ත්‍රිරෝද රථයක් බවට එහිදී අනාවරණ වූ බව පොලීසිය කියයි. 


සැකකරු මෙම ත්‍රිරෝද රථයට සවි කර ඇත්තේ ඔහුට අයත් ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය බවත් රැගෙන ආ ලිපිලේඛනද එම රථයේම ලිපි ලේඛන බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඔහුට අයත් මෙම ත්‍රිරෝද රථය වසරකට පෙරදී වාහන අත්පත් කරගන්නා පුද්ගලයන් යැයි පැවසූ පිරිසක් පැහැරගෙන ගිය බවය.


ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් පන්දහසක් පමණක් ඉතිරි වන බවත් ඒ හේතුවෙන් මිතුරන් පිරිසක් සමග සොරකම සඳහා යොමු වූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. 


ත්‍රිරෝද රථය සහ සැකකරු පයාගල පොලීසිය වෙත භාරදී ඇත.

views

235 Views

Comments

arrow-up