“කළ කළ දේ පළ පළ දේ, දෙයියො ඉන්නවා මචං, උඹ ඒ කාලේ ඉඳන් ආසයි මෙහෙම ඉන්න.” - පැතුම් රුක්ෂාන්ට, අකිල හදවතින්ම ලිව්ව දේ (PHOTOS)

රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත පැතුම් රුක්ෂාන් කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි
පැතුම් වෘත්තීයෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්.
ඔහුගෙ රූපලාවන්‍යාගාරයට පසුගිය දිනෙක වසර 4ක මතක එකතු වුණා.
ඒ වෙනුවෙන් අකිල ධනුද්දර අපූරු සුබ පැතුමක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
ඒක තමයි මේ පහළ තියෙන්නෙ.
Wish එකකින් කියන්න බෑ මචං මගේ හිතේ තියෙන සතුට, ආඩම්බරය වගේම උඹේ ගමන,මහන්සිය ගැන
මට තියෙන ගෞරවය මම පිලිවෙල ටිකක් හරි ඉගෙනගත්තේ උඹගෙන් අපි දෙන්නා පාරෙ බස් එකේ මීට අවුරුදු 13 කට කලින් මුණගැසුනු තැනේ ඉඳන් ,අද වෙනකොට ඇවිත් තියෙන දුර ගැන හිතද්දීත් මට තියෙන්නේ අවංක සතුටක් මට ඕන තරං මිනිස්සුන්ට යාලුවා කියල කියන්න පුලුවන් එත් ,මගේ හිත හරියට තේරුම් ගත්ත යාලුවො මට ඉන්නෙ ටික දෙනයි ඒ list එකේ උඹ උඩින් ඉන්නවා දියුණුවෙන් දියුණුවට පත්වෙයන්,වැඩි වැඩියෙන් ලැබියන් දෙවි පිහිටයි තව එකක් දෙයියො ඉන්නවා මචං උඹ ඒ කාලෙ ඉදන් ආසයි ලස්සනට ඉන්න ,අනිත් එවුන් වත් ලස්සන කරන්න..(උබ මාවම කීපාරක් මම හරකෙක් වගේ යන්න හදද්දී ලස්සන කරල යවල තියෙනවද? )අන්තිමට උබට හරි ගියෙත ඒ පැත්තෙන් මයි...කල කල දේ ,පල පල දේ හොඳ වැඩේ @pathum_rukshan
268 Views
Comments