සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ රාගම දැරියට අමානුෂික ලෙස පහර දුන් කුඩම්මාට උසාවිය දුන් තීන්දුව

සමාජ මාධ්‍ය කලඹමින් 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් රාගම කුරුකුලාව ප්‍රදේශයේ කාන්තාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම වීඩියෝ දර්ශන ප්‍රචාරය වූ විගසින් රාගම පොලිසිය මැදිහත් වී සුලු තුවාල සහිතව සිටි දැරිය දිනයේ දී රෝහල් ගත කර තිබේ.
අනතුරුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ පොලිසිය මෙම අමානුෂික ප්‍රහාරය සිදුකළ 39 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිසිය පැවසුවේ දැරියගේ මව මියගොස් ඇති අතර ඇයට අමානුෂික ලෙස පහර දෙන්නේ ඇයගේ කුඩම්මා විසින් බවය.
දැරිය තරුණයින් සමග පවතින ප්‍රේම සබඳතාවලින් මුදාගැනීම සඳහා මෙලෙස ඇයට දඬුවම් කළ බව කුඩම්මා පොලිසියට පවසා ඇත.
මේ වනවිට දැරියගේ පියා සේවය කරන්නේ කොරියාවේ ය.
ඔහු එහි සිට නිවසේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ මේ අමානුෂික ප්‍රහාරය දැක ඔහු විසින් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.
308 Views
Comments