වයසටද කරන වැඩ - නොමනා වැඩක් කළ 77 හැවිරිදි සීයාට වැඩ වැරදුණු හැටි

15 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ 77 හැවිරිදි පුද්ගලයකුට වසර 14ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
මේ සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක වන්දියක් අදාළ දරුවාට ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා රු. 20,000ක දඩයක්ද නියම කළේය.
අවුරුදු 16කට අඩු බාලවයස්කාර දරුවකු 2010 වසරේ අගෝස්තු මස ආසන්න කාලයේදී ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුළු චෝදනා 2ක් යටතේ නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් විනිසුරුවරයා මේ තීන්දුව නිකුත් කළ අතර, විත්තිකරුගේ වයස සලකා බලා ලිහිල් සිරදඬුවමක් නියම නියම කරන බවද සඳහන් කළේය.
චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා අධිකරණයට කරුණු දක්වමින් චුදිත මේ අවස්ථාව වන විට සිද්ධිය සම්බන්ධයෙන් කනගාටු වන බවත්, ඔහුගේ වයස සලකා බලා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.
357 Views
Comments