“ආදරේ ක්‍රියාපදයක් වෙනකොට මොකක් අමතක උනත්, තාත්ත අහනවා කෝ නිලූ කියල” - මදූමාධව තැබූ සංවේදී සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

“ආදරේ ක්‍රියාපදයක් වෙනකොට මොකක් අමතක උනත්, තාත්ත අහනවා කෝ නිලූ කියල” - මදූමාධව තැබූ සංවේදී සටහන

“ආදරේ ක්‍රියාපදයක් වෙනකොට මොකක් අමතක උනත්, තාත්ත අහනවා කෝ නිලූ කියල” - මදූමාධව තැබූ සංවේදී සටහන

ගෙදරට ලේලියෙක් ආවම ඒ ලේලිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න නැන්දම්මලා”මාමලා ගැන ප්‍රවෘත්ති අපි අනන්තවත් අහලා තියෙනවා.

 

කළා පව්ල්වලත් ඒ ප්‍රශ්න සාමන්‍යයි.


හැබැයි ගෙදරට ආවා ලේලියට තමන්ගෙම දුවෙක්ට වගේ සලකන නැන්දම්මලා”මාමලා නැතුවාමත් නෙවෙයි.


මේ එහෙම නැන්දම්මෙක් සහ මාමෙක් ගැන කියන්න යන්නේ.


ඒ අපි කවුරුත් දන්න මදුමාධව අරවින්දගේ තාත්ත සහ අම්මා.


මදූගේ ආදරණීය බිරිඳ ඉන්නේ මේ දවස්වල විදේශ ගත වෙලා.


ඉතිං ඇය ගැන නිතර නිතර මතක් වෙලා ”‍කෝ නිලූ”‍කියලා අහන්නෙම මදූගේ පියානන් වුන ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධනයන්.

 

තාත්තගෙ දුව...
ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්..
අම්ම තාත්තා නැන්දම්ම මාමා
සහෝදරයා සහෝදරිය යාලු‍වා යෙහෙළිය
ඔය ඕනෙම නමකට පන එනවා...
සතුටු හිතෙනවා..
හුස්ම වැටෙනවා...
ආදරේ ක්‍රියාපදයක් වෙනකොට..
මොකක් අමතක උනත්..
තාත්ත අහනවා....
කෝ නිලූ කියල...
ඒ තමා ආදරේ..

views

503 Views

Comments

arrow-up