“මගෙ ලයිෆ් එක එතනදි විනාශ වෙන්න තිබ්බා, වැලිකඩ බන්ධනාගාරයේ, ඒ කාලේ සුන්දරයි” දිමංක වෙල්ලාලගේ කියූ හංඟන් හිටපු කතාව

“නිදුකින් ඉනු මැන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත දිමංක වෙල්ලාලගේ කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.
අද වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් බවට ඔහු පත්වෙලා.
මෑතක වැඩසටහනකට එක් වූ දිමංක වෙල්ලාලගේ තාරුණ්‍යය ගැන මේ විදිහේ කතාවක් කිව්වා.
“තාරුණ්‍යය ඉතින් වරද්ද ගන්නවා. සංගීතය එක්ක ජීවත් වුණා කියල එහෙම නොවෙන්නත් බෑ” “මම හික්කඩුවේ ඉපදෙන්නෙ.
හැමදෙයක්ම අත් හදා බලලා තියනවා. හැබැයි මේ හැමදෙයක් ගැනම දන්නවා. මම ඔහොම ඇවිල්ලා නාවික හමුදාවෙන් අයින් වෙලා මට බන්ධනාගාර දෙකක ඉන්න සිද්ධ වුණා.
එතනදි මගෙ ලයිෆ් එක විනාශ වෙන්න තිබ්බා. වැලිකඩ බන්ධනාගාරයේ, ඒ කාලේ සුන්දරයි. මොකද එහෙම වුණ නිසයි අද මෙහෙම ඉන්නෙ. ඕනි හැමදේම දැකලයි මම ආවේ.”
189 Views
Comments