ලොව ප්‍රකට සංගීත ශිල්පියෙක් දිවිසැරිය නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

ලොව ප්‍රකට සංගීත ශිල්පියෙක් දිවිසැරිය නිමා කරයි

ලොව ප්‍රකට සංගීත ශිල්පියෙක් දිවිසැරිය නිමා කරයි

බ්‍රිතාන්‍ය බ්ලූස් (British blues) සහ රොක් සංගීත සම්ප්‍රදායන්හි ගීත රචකයෙක්, නිෂ්පාදකයෙක් ලෙස වඩාත් කැපී පෙනෙන චරිතයක් වූ John Mayall අවසන් ගමන් ගොස් ඇති බව වාර්තා වනවා.

 

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 90කි.

 

ඔහුගේ පවුලේ පිරිස් නිවේදනය කළේ, ගෙවුණු සඳුදා (22) සිය නිවසේදී ජෝන් මායල් අවසන් ගමන් ගිය බවයි.

 

මැක්ල්ස්ෆීල්ඩ් හි උපත ලබා මැන්චෙස්ටර් හි හැදී වැඩුණු මායල් 1960 ගණන්වල සිය 'Bluesbreakers' කණ්ඩායම ඇරඹීය.

 

බ්‍රිතාන්‍යයේ සංගීතඥයන් අතර 'බ්ලූස්' ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමී වූවන් අතර ජෝන් මායල් ඉදිරියෙන් සිටියි.

 

ඒ අනුව ලෝක සංගීත කලාව තුළ ඔහුව හඳුන්වන්නේ "godfather of British blues" මැයෙනි.

 

ගායකයෙකු, ගිටාර් වාදකයෙකු සහ කීබෝඩ් වාදකයෙකු වූ ඔහුට දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් හිමිය.

views

253 Views

Comments

arrow-up