සුනඛ ධේනුව සහ කුඩා පැටවුන් හත්දෙනාට ගිනි තැබූ පාපතරයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

සුනඛ ධේනුව සහ කුඩා පැටවුන් හත්දෙනාට ගිනි තැබූ පාපතරයා

සුනඛ ධේනුව සහ කුඩා පැටවුන් හත්දෙනාට ගිනි තැබූ පාපතරයා

යාපනයේ චාවාකච්චේරි මුරුසවිල්, නවසිකුලම් ප්‍රදේශයේ කූඩුවක සිටි බැල්ලියක හා පැටවුන් හත් දෙනකු ගිනි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉකුත් 20 දා චාවාකච්චේරි පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

 

මෙම පුද්ගලයා විසින් මරාදමා ඇත්තේ සති දෙකක් පමණ වයසැති බලු පැටවන් හත් දෙනකු හා එම බලු පැටවුන් ප්‍රසූත කළ බැල්ලියයි.

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ඔහු චාවාකච්චේරි පොලිස් ස්ථානාධිපතිවරයාට දැණුම් දී ඇත්තේ වහාම මේ අමානුෂික සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

views

378 Views

Comments

arrow-up