බිරිඳ අනියම් පෙම්වතා සමඟ කල දුරකථන සංවාදය දැක සැමියා කලදේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

බිරිඳ අනියම් පෙම්වතා සමඟ කල දුරකථන සංවාදය දැක සැමියා කලදේ

බිරිඳ අනියම් පෙම්වතා සමඟ කල දුරකථන සංවාදය දැක සැමියා කලදේ

යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ කාන්තාවක වෙනත් තරුණයකු සමග පවත්වා ගෙන යන අනියම් ඇසුර නතර නොකිරීම නිසා සැමියා විසින් ඇගේ දකුණු අත 21 දා වැලමිට ළඟින් කපා වෙන් කොට තිබේ.

 

බිරිඳගේ අත වැලමිටෙන් වෙන් වීමෙන් පසුව නිවසින් පලාගිය ඔහු තෙලිප්පලෙයි පොලිසිය විසින් යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

බිරිඳගේ අත කපා දැමූ සැමියා මීට වසර පහළොවකට පමණ ඉහත දී සිදු වූ රිය අනතුරකින් වම් අත අහිමි වූ පුද්ගලයෙකි.

 

ඔහුගේ බිරිඳ මීට වසර තුනකට පමණ ඉහත සිට පළාතේ වෙනත් තරුණයකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එය සැමියාගේ අතටම අසුවීමෙන් පසුව බිරිඳට තරයේ අවවාද කර තිබේ.

 

එම අවවාදවලින් පසුව බිරිඳ සැමියාට පවසා ඇත්තේ එම සම්බන්ධය මේ වන විට නවතා ඇති බවයි.

 

නමුත් සිද්ධිය වූ දිනයේ දී සැමියා වෙළෙඳ සලකට ගොස් ආපසු පැමිණ බලන විට බිරිඳ වීඩියෝ දුරකථන ඇමැතුමක් ඔස්සේ අනියම් සැමියා සමග පෙම්බස් දොඩන අයුරු දැක තිබේ.

 

ඉන් කෝපයට පත් වූ ඔහු මන්නයක් ගෙන බිරිඳගේ බෙල්ල කැපීමට ගිය අවස්ථාවේදී මන්නා පහර ඇගේ අතට වැදීම නිසා දකුණු අතේ ඉහළ කොටස කැපී වෙන් වී තිබේ.

 

අවට ජනතාව ඇය යාපනය ශික්ෂණ රෝහල වෙත කැපුණු අත සමග රැගෙන ගොස් තිබේ. තෙලිප්පලෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

views

271 Views

Comments

arrow-up