ඉන්දීය මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට යයි - ලංකාවට එන සුපිරි නලු නිලියන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

ඉන්දීය මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට යයි - ලංකාවට එන සුපිරි නලු නිලියන් මෙන්න

ඉන්දීය මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට යයි - ලංකාවට එන සුපිරි නලු නිලියන් මෙන්න

මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ (MFPA) සභාපති, ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (15) අරලියගහ මන්දිරයේදී සිදුව තිබුණා.

 

එහිදී මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්‍යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති යන අය හෙළිකර තිබුණේ මේ වසරේ නොවැම්බර් මාසයේදී වාර්තාගත මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් (Mohanlal) මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන බව සඳහන්.

 

ඒ අනුව චිත්‍රපටයේ රූගත කිරීම් දින 30ක් පුරාවට මෙරට තුළ ද ඉතිරි රූගත කිරීම් කේරළය, දිල්ලි සහ ලන්ඩන් යන නගරවලත් සිදුකෙරෙනු ඇති.

 

මෙම හමුවේදී අධ්‍යක්ෂ මහේෂ් විශේෂයෙන් සඳහන් කර තිබුණේ, වසර 20කට පසු මමූති සහ මෝහන්ලාල් චිත්‍රපටයක එකට රඟපාන පළමු අවස්ථාව මෙය වන බැවින් චිත්‍රපටය නිසැකවම වාර්තාගත එකක් වනු ඇති බවයි.

 

මෙයාකාර චිත්‍රපට‍යක් රූගත කිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම පිරිසට ස්තූතිය ද පළකර තිබුණා.

 

ඒ, රටට විදේශ විනිමය ගෙන ඒමට පමණක් නොව ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීමට සුදුසු ස්ථාන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වන බව හුවා දක්වමින්.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපදේශක සුගීස්වර සේනාධිර, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ කාර්තික් නඩරාජා සහ තිළිණ සුබසිංහ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

views

243 Views

Comments

arrow-up