2024 ජාත්‍යන්තර රූ රැජින තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනූ තිළිණි කුමාරි දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

2024 ජාත්‍යන්තර රූ රැජින තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනූ තිළිණි කුමාරි දිවයිනට

2024 ජාත්‍යන්තර රූ රැජින තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනූ තිළිණි කුමාරි දිවයිනට

Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගීව එහි ප්‍රථම ස්ථානය දිනාගත් තිළිණි කුමාරි දිවයිනට පැමිණියා.

 

තරගාවලිය පැවතියේ, ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදීයි.

 

ඉකුත් 09 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවති මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගීව සිටියා.

 

එම රූ රැජිනියන් අභිබවා Miss International - 2024 කිරුළ හිමිකර ගැනීමට සමත් වූ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි තිළිණි කුමාරි, නිළියක සහ නිවේදිකාවක ලෙස ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පාන යුවතියකි.

 

 

 

 

 

views

316 Views

Comments

arrow-up