“මම දීපිකාගෙ කිසිම චිත්‍රපටයක් බලලා නෑ” - සුප්‍රසිද්ධ නලු නවාසුදීන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

“මම දීපිකාගෙ කිසිම චිත්‍රපටයක් බලලා නෑ” - සුප්‍රසිද්ධ නලු නවාසුදීන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

“මම දීපිකාගෙ කිසිම චිත්‍රපටයක් බලලා නෑ” - සුප්‍රසිද්ධ නලු නවාසුදීන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ප්‍රසිද්ධ ඉන්දියානු නළුවෙක් වන Nawazuddin Siddiqui මෑත සම්මුඛ සාකච්ඡාවකදී හරි අපූරු ඉල්ලීමක් කරලා තිබුණා.

 

ඒ, බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ට හැෂ් ටැග් ලබා දෙන හැටියට.

 

නවාසුදීන්ගෙ මේ ඉල්ලීම කවුරු අතරත් වඩාත් කතාබහට ලක්වුණු එකක්.

 

ඒකට හේතුව තමයි ඔහු දීපිකා පදුකෝන් ගැන කර තිබුණු තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශය.

 

සම්මුඛ සාකච්ඡාවේ එක තැනක ඔහුගෙන් අහලා තිබුණා දීපිකා ගැන. එතකොට ඔහු දුන්නු උත්තරේ තමයි මේ..

 

''මම ඇගේ වැඩ කිසිවක් දැක නෑ. මම දන්නෙ නෑ...''

 

දීපිකා විතරක් නෙවෙයි නවාසුදීන් කියලා තිබුණා, ඔහු ශ්‍රද්ධා කපූර් ගැනත් කිසිම දෙයක් දන්නෙ නැති වග.

 

"මම ශ්‍රද්ධා ගැන කිසිවක් නොදනිමි"

 

ඒත් එක්කම ඔහු ශ්‍රද්ධා කපූර්ගේ ''Stree 2'' ගැනත් තමන්ට එතරම් දැනුමක් නැති බවත් කියලා තිබුණා.

 

නවාසුදීන් කියන්නෙ තමන්ගේ 'අවංක' යැයි කියන දෘෂ්ටිකෝණය නිසා ම අන්තර්ජාලය කළඹන අයෙක්.

 

ඉතින් ඔහු දීපිකාගේ කිසිම නිර්මාණයක් නරඹලා නෑ කියන එකත්, ශ්‍රද්ධා කපූර් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියන එකත් ඒ වගේ කතා දෙකක්.

 

ඒ කතාබහේදීයි ඔහු ඉල්ලා තිබුණේ, බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ට හැෂ් ටැග් ලබා දෙන හැටියට.

 

එහෙම දීපිකාවත් ශ්‍රද්ධාවත් වැඩවලින් නොදනා බව කියන නවාසුදීන්, Tiku Weds Sheru හි Avneet Kaurට නම් ප්‍රශංසා කරලත් තිබුණා.

 

ඒ, කෞර් කුඩා කාලයේදීම වෘත්තීය ජීවිතේ ආරම්භ කිරීම ගැන. ඇය ඉතා හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් බවයි ඔහුගේ අදහස.

views

209 Views

Comments

arrow-up