ඒ පුංචි පවුල මෙහෙම දෙයක් ගැන හීනෙන්වත් නොහිතන්න ඇති - හැමෝම සතුටු වුණු දිනයක ඇහෙන දුක්බර කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

ඒ පුංචි පවුල මෙහෙම දෙයක් ගැන හීනෙන්වත් නොහිතන්න ඇති - හැමෝම සතුටු වුණු දිනයක ඇහෙන දුක්බර කතාව

ඒ පුංචි පවුල මෙහෙම දෙයක් ගැන හීනෙන්වත් නොහිතන්න ඇති - හැමෝම සතුටු වුණු දිනයක ඇහෙන දුක්බර කතාව

කිලිනොච්චිය නගරයේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 2ක දරුවෙකු මියගොස් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

 

ඊයේ (25) රාත්‍රී 7ට පමණ ටිපර් රථයක් සහ යතුරුපැදියක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

 

අනතුරත් සමග යතුරුපැදිය මීටර් 100ක් පමණ මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමතින් සිට ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර ඇත.

 

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 2ක් වයස ඇති දරුවෙක් මියගොස් ඇති අතර එකම පවුලේ මව, පියා සහ 6 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරුණි.

 

පසුව බරපතළ තත්ත්වයේ පසුවූ දරුවා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත.

views

448 Views

Comments

arrow-up