මිලියන 1.3ක් වටිනා තාලි කොඩිය කැඩූ හෙර කල්ලිය මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

මිලියන 1.3ක් වටිනා තාලි කොඩිය කැඩූ හෙර කල්ලිය මාට්ටු වූ හැටි

මිලියන 1.3ක් වටිනා තාලි කොඩිය කැඩූ හෙර කල්ලිය මාට්ටු වූ හැටි

ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් සහ තවත් කාන්තාවන් තිදෙනකු රුපියල් ලක්ෂ දහතුනක් පමණ වටිනා තාලි කොඩියක් සොරා ගැනීමේ චෝදනාවක් මත ජනතාව විසින් අල්ලා 1 දා යාපනයේ කෝපායි පොලිසිය වෙත බාර දී තිබේ.

 

යාපනයේ නිර්වේලී ගණදෙවි කෝවිලේ පූජාවක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම කාන්තවන් හතර දෙන එක්ව පවුම් නවයක් බර තාලි කොඩියක් කපා පැහැර ගෙන පලා යෑමට උත්සාහ කොට තිබේ.

 

මේ අවස්ථාවේදී පූජාවට සහභාගී වෙමින් සිටි බැතිමතුන් එම කාන්තාවන් පසුපස හඹා ගොස් ඔවුන්ව අල්ලා කෝපායි පොලිසියට බාර දී තිබේ. පලා යමින් සිටි එක් කාන්තාවක් ළඟ තිබී සොරකම් කරන ලද තාලි කොඩියද බැතිමතුන් විසින් සොයා ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කොට තිබේ.

 

ඉන්දියාවේ සිට යාපනයට පැමිණි කාන්තාවක් තමන්ට හමු වූ තවත් කාන්තාවන් තිදෙනෙකු සමග කතිකා කොට මේ හොරකම සැලසුම් කොට ඇති බව කෝපායි පොලිසිය ප්‍රකාශ කරයි.

 

ඉන්දීය කාන්තාව සමග හාද වී මෙම තාලි කොඩි මංකොල්ලයට සහභාගී වී ඇත්තේ යාපනය වවුනියාව මාතර හා මන්නාරම යන පළාත්වල කාන්තාවන් තිදෙනෙකි.

 

ඉන්දීය කාන්තාව ජාවාරමක් වශයෙන් කෝවිල් උත්සවවලට සහභාගී වී එම උත්සවවලට සහභාගී වන කාන්තාවන්ගේ වටිනා රන් භාණ්ඩ සොරා ගැනීම සිදුකරන අයෙකු බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

views

329 Views

Comments

arrow-up