සුපිරි නළු සූරියාට “සුභ උපන්දිනයක්” කියූ තරුණයින් දෙදෙනා අවසන් ගමන් ගිය හැටි

පසුගිය 23 වැනිදා ජනප්‍රිය කොලිවුඩ් නළු සූරියාගේ උපන්දිනය යෙදී තිබුණා.
සෑම වසරකම මෙන්” මෙම වසරේ දීත් රසිකයින් සූරියාගේ උපන්දිනය සමරන්න කටයුතු කර තිබුණේ” බොහෝ උද්යෝගයෙන්.
කෙසේවෙතත්, සිය ආදරණීය නළුවාගේ උපන්දිනය වෙනුවෙන් බැනරයක් තැබීමේදී තරුණ රසිකයින් දෙදෙනෙකුට විදුලි සැර වැදීමත් සමග ජීවිතක්ෂයට පත්වන්නේ සැමරුම් උද්යෝගය සැණින් නිමා කරමින්.
ඔවුන් ආන්ද්‍රා ප්‍රදේශ් හි දැනට අධ්‍යාපනය ලබන නක්කා වෙන්කටේෂ් සහ පොලුරු සායි නමැති තරුණයින් දෙදෙනෙක්.
සිද්ධිය සැලවීමෙන් අනතුරුව සූරියා එම තරුණයින්ගේ නිවැසියන් සමග කතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම පවුල්වලට අවශ්‍ය සියලු උපකාර සහ ආධාර ලබාදීමට ද සූරියා පොරොන්දු වී තිබෙනවා.
බැනරයේ යකඩයක් විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර” මෙම අනතුරින් පිරිමි ළමුන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
සූරියා” මිය ගිය පිරිමි ළමයින්ගේ පවුලේ සාමාජිකයින්ට වීඩියෝ ඇමතුමක් ලබා දෙන අයුරු ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.
“කරුණාකර මගේ හෘදයාංගම ශෝකය පිළිගන්න”
හුවමාරු වූ වීඩියෝවේ හඬපටය පැහැදිලි නැතත්, තරුණ පිරිමි ළමයින්ගේ වියෝවෙන් පවුල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පෙනෙන්නට ඇති අතර, සූරියා ඔවුන්ගේ පවුලට සහෝදරයෙකු මෙන් වන බවට සහතික වෙමින් ඔවුන්ව සනසන ආකාරය පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
422 Views
Comments