බස් නැවතුමේ සිටි සරසවි සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

බස් නැවතුමේ සිටි සරසවි සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්

බස් නැවතුමේ සිටි සරසවි සිසුවාට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්

බදුල්ල පොදු බස් නැවැතුමේදී මහනුවර බලා ගමන් ඇරැඹීමට තිබූ බසයක අසුන් ගෙන සිටි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ශිෂ්‍යයකුට ඉකුත් 19 දා 11ට පමණ පැමිණි තෙවැනි වසර ශිෂ්‍යයන් පිරිසක් අතින් පයින් සහ හෙල්මට් එකකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

 

පහර කෑ එම ශිෂ්‍යයා බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ 8 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද තවදුරටත් පොලිසිය පැවැසීය.

 

විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවීමට ගිය නොසන්සුන්තාව මත දෙවැනි සහ තෙවැනි වසර අධ්‍යයන කටයුතු ඉකුත් 18 දා සිට තාවකාලිව නතර කිරීමට උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පියවර ගෙන ඇත.

views

232 Views

Comments

arrow-up