“දරුවා ගැන මට බයක් තියනවා” - නාසා යන්න බලන් ඉන්න පොඩි වැඩ්ඩාගේ පියා කඳුළු සලමින් කළ ඉල්ලීම (VIDEO)

මෙයා කියන්නේ හරි අමුතු කතා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මෙහෙම හුරුපුරුදු එන්නේ සසර කරපු පෙර පිනකට. ඒ වගේම සසර පුරුද්දට. මේ කියන්න තවත් පුංචි තරුවක් ගැන.
තවමත් පෙරපාසල් වයසේ ඉන්න මේ පුංචි පුතා නමින් ඇසල බෝනුක ශ්‍රී වාසල හේරත්. පුංචි ඇසල තවමත් වයසින් ඉතා කුඩා වුණත් සෞරග්‍රහ මණ්ඩලය ගැන වගේම මේ විශ්වයේ උපතත් වෙනත් ග්‍රහ තාරකා මිලියන ගණනෙන් කතා කරන්නාට දන්නා දරුවෙක්.
මේ පුංචි ඇසල කියන ලොකු කතා ඇත්තද කියලා සැකහැර දැනගන්නට වෛද්‍ය සිතුම් ගුණරත්න මහතා සමඟ වැඩසටහනක් පෞද්ගලික නාලිකාවකින් පැවැත්වුවා.
ඔහු තාරකා විද්‍යාව පිළිබඳව විශේෂ දැනුමක් සහිත පුද්ගලයෙක්”’ ඒත් එක්කම මේ ඇසල කියන සෑම කතාවකම අග මුල ඔහු විසින් මේ වැඩසටහන පුරාවට විස්තර කර දෙනවා.
ඒත් එක්කම මේ පුංචි සිතුම්ගේ හැකියාව ගැන කතා කරනකොට එයාගේ දෙමව්පියන්ගේ ඇස්වලට එන්නේ සතුටු කඳුළු.
ඒ දෙන්නා පුංචි පුතාව රකින්නේ ඇස්දෙක වගේ.
ඒත් එක්කම ඇසලට මේ නම වැටිලා තියෙන්නේ එයා ඇසල පුන් පෝ දවසක නිසා තමයි මේ පුංචි පුතාට ඇසල කියලා නම දාලා තියෙන්නේ.
ඒත් එක්කම මේ දරුවා ඉපදෙනකොට ඇසලගේ තාත්තා හිටියේ බුදුපිළිමයක් ළඟ ලු.
ඒ නිසාම ඔහුට හිතුනාලූ ඇසල කියන්නේ පින්වන්ත දරුවෙක් කියලා. ඉතින් ඊට පස්සේ මේ කතා බහේ වැදගත්ම ප්රශ්නය ඒ තාත්තාගෙන් ඇහුවේ මෙන්න මේ විදිහට. ඇසල මේ විශය ගැන දැනගත්තේ ප්රවෘත්ති අහලා කියලා තමයි ඇසලගේ තාත්තා නම් කියන්නේ. ඒත් එක්කම එයාට මේ දේවල් ගැන බොරු කියන්න බැරිලු. ඒ නිසාම සම්පූර්ණ විස්තරය ගැන තාත්තත් හොඳට දැනගෙනලූ මේ පුංචි ඇසලට කියලා දෙන්නේ.
ඒත් එක්කම තාත්තා ඒ වෙනුවෙන් කියවන්න ගෙනාව පොත්පත්වල රූප මේ පුංචි පුතා හොඳට මතක තියාගෙන ඉඳලා පස්සේ ඒවා ගැන ආයේ ආයේත් අහනවා කියලා තමයි ගිම්හාන් මහතා කියා සිටියේ. ඒත් එක්කම මේ දෙමව්පියන්ගේ ලොකුම හීනය මේ පුතා නිතරම කියවන හීනය සැබෑකරලා දෙන එක ඒ තමයි නාසා එකට යන්න මේ පුංචි ඇසලට තියන ලොකුම හීනය. ඉතින් කවදාහරි දවසක මේ හීනය ජය අරන් ඇසල එයාගේ නම ලෝකයේම බබලාවිද?
394 Views
Comments