උසාවියට රැගෙන යන සැකකාරයන් අතරමගදී ගෙදර යැවූ පොලිස් සැරයන් කොටුවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

උසාවියට රැගෙන යන සැකකාරයන් අතරමගදී ගෙදර යැවූ පොලිස් සැරයන් කොටුවූ හැටි

උසාවියට රැගෙන යන සැකකාරයන් අතරමගදී ගෙදර යැවූ පොලිස් සැරයන් කොටුවූ හැටි

පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ එම පුද්ගලයන් අතරමගදී මුදාහැර ඒ සම්බන්ධයෙන් රාජකාරි ලේඛන හා තොරතුරු පොත්වල අසත්‍ය සටහන් යොදා තිබෙන පොලිස් සැරයන්වරයකු මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

 

සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මෙම සැරයන්වරයා පොත්තපිටිය පොලිසියේ උසාවි රාජකාරි කරන ඩී. වී. කේ. වෙත්තසිංහ නැමැත්තෙකි.

 

එම නිලධාරියා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (19) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

 

රාජකාරි ලේඛන හා තොරතුරු පොත්වල අසත්‍ය සටහන් යොදා කුඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ අතර කොවිඩ් සමයේ සෞඛ්‍ය අංශ මගින් පනවා තිබූ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් මෙලෙස මුදාහැර ඇති බවට පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

 

පොලිස් සැරයන්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සැකසිතී අධිකරණ වාර්තා ඇතුළත් පොත්පත් පරීක්ෂණය කිරීමේ දී ඇති වූ සැකය මත පොත්තපිටිය පොලිසිය මගින් ඒ සම්බන්ධව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දී තිබිණි.

 

ඔහුට යළි නොවැම්බර් මස 15 දින අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 

views

250 Views

Comments

arrow-up