රසකැවිලි පෙන්වා වයස අවුරුදු 6දී පැහැරගත් අයෙක් වසර 70 කට පසු යළි හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

රසකැවිලි පෙන්වා වයස අවුරුදු 6දී පැහැරගත් අයෙක් වසර 70 කට පසු යළි හමුවෙයි

රසකැවිලි පෙන්වා වයස අවුරුදු 6දී පැහැරගත් අයෙක් වසර 70 කට පසු යළි හමුවෙයි

වසර 70ක් පුරා කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස, වයස අවුරුදු 6 දී පැහැරගත් අයෙක් යළි හමුව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ, කැලිෆෝනියාවේ පදිංචිව සිටි ලුයිස් ආමන්ඩෝ ඇල්බිනෝ නම් අයෙක් බව සඳහන්.

 

විශ්‍රාමික ගිනි නිවන භටයෙකු සහ වියට්නාම යුද ප්‍රවීණයෙකු වන ඇල්බිනෝව එවකට පැහැරගෙන ගොස් ඇත්තේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් උද්‍යානයකදී බවයි වාර්තා වන්නේ.

 

ඒ, සිය වැඩිමල් සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටියදී යි.

 

ඇල්බිනෝ සෙල්ලම් කරමින් සිටින අතරතුර එහි පැමිණි කාන්තාවක් ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කර, තමා සමඟ පැමිණියහොත් රසකැවිලි ලබා දෙන බවට පොරොන්දුව ඇති බව සඳහන්.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2005 දී මියගිය ඔහුගේ මව ඇතුළු එම පවුලේ බොහෝ සාමාජිකයින් ඔහුව දුටු අවසාන අවස්ථාව එය වන බවයි.

 

නමුදු ඔවුන් දශක හතක් තිස්සේ බලාපොරොත්තු අතනෑර සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

පැහැරගැනීමෙන් පසු, ඇල්බිනෝව නැගෙනහිර වෙරළේ යුවළක් විසින් ඇති දැඩි කර තිබෙනවා.

 

ඇල්බිනෝ අද ජීවත් වන්නේ නැගෙනහිර වෙරළ තීරයේ කොහේදැයි නිලධාරීන් සහ පවුලේ සාමාජිකයින් නිශ්චිතව සඳහන් කර නොමැති අතර බලධාරීන්ට තවමත් ඔහු පැහැර ගැනීම සම්බන්ධයෙන් විවෘත පරීක්ෂණයක් ද ඇති බව සඳහන්.

views

263 Views

Comments

arrow-up