ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ඉතාලියේ පාළුවට ගිය අක්කර 17ක් වගා කළ ශ්‍රී ලාංකිකයාට ග්‍රීන් ඔස්කාර් සම්මානය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ඉතාලියේ පාළුවට ගිය අක්කර 17ක් වගා කළ ශ්‍රී ලාංකිකයාට ග්‍රීන් ඔස්කාර් සම්මානය

ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ඉතාලියේ පාළුවට ගිය අක්කර 17ක් වගා කළ ශ්‍රී ලාංකිකයාට ග්‍රීන් ඔස්කාර් සම්මානය

වර්ෂය සඳහා ග්‍රින් ඔස්කාර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව සිටිනවා.


ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙසයි ඔහු මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ.


වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වූ මීගමුවේ තරුණයෙක් මෙම සම්මානය හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.


නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ඔහු ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසුතාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබෙනවා.

 

එයට සාර්ථක පිළිතුරු සෙවු ඔහු නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇති අතර මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

views

331 Views

Comments

arrow-up