දිවිපුදා මුණුබුරාගේ ජීවිතය බේරා යළි නොඑන ගමන් ගිය සීයා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

දිවිපුදා මුණුබුරාගේ ජීවිතය බේරා යළි නොඑන ගමන් ගිය සීයා

දිවිපුදා මුණුබුරාගේ ජීවිතය බේරා යළි නොඑන ගමන් ගිය සීයා

සීයලා කොහොමත් තමන්ගේ දරුවන්ගේ දරුවන්ට හරිම ආදරෙයි... මේ සීයත් එහෙම කෙනෙක්... එයාගේ ජිවිතේ පරදුවට තියලා ඒ දරුවව බේරගන්න යන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති... 

 

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි මුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියනවා...



මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව,හේරත්හල්මිල්ලෑවේ පදිංචිව සිටි විජේරත්න නැමති අයෙකි....



මෙම 17 හැවිරිදි බුණුබුරා නිවස පිටුපස පිහිටි ලිදට දිය නෑමට ගිය අවස්ථාවේදි උෘරන්,ඊත්තෑවන් වැනි සතුන් දඩයම් කිරිම සදහා දඩයක්කරැවෙකු විසින් අනවසරයෙන් ඇද දමන ලද විදුලි රැහැනක පැටලි ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා...



මේ අවස්ථාවේදි 17 හැවිරිදි සිය මුණුබුරා විදුලි රැහනින් බේරා ගැනිමට උත්සහා කළ සීයාටද විදුලි සැර වැදිමෙන් දෙදෙනාම අසල්වාසින් විසින් කැබිතිගොල්ලැව රෝහලට ඇතුලත් කොට තිබුණා...
 

මේ විදිහට අවාසනාවන්ත දෙයක් වේවී කියලා සිහිනෙන්වත් කවුරුවත්ම හිතන්න නැතුව ඇති.... කොහොමනමුත් දැන් ඒ සීයා ජිවිතයෙන් සමුගෙන ගිහිල්ලා... අනවසරයෙන් ඇද දමන ලද විදුලි රැහැන් නිසා සිදුවූ මෙවන් සිදුවීම් විටින් විට අසන්නට දකින්නට ලැබෙනවා... ඒක හරිම අවාසනාවන්ත කාරණයක්... 

views

237 Views

Comments

arrow-up