දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියට අත්වුණු අවාසනාවන්ත ඉරණම

දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.
මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.
ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි.
පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒවනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
287 Views
Comments