නුවරට කෝච්චියෙන් ඇවිත් මහ වැස්සෙම කුඩේ ඉහලගෙන පයින්ම ආ සංගා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

නුවරට කෝච්චියෙන් ඇවිත් මහ වැස්සෙම කුඩේ ඉහලගෙන පයින්ම ආ සංගා

නුවරට කෝච්චියෙන් ඇවිත් මහ වැස්සෙම කුඩේ ඉහලගෙන පයින්ම ආ සංගා

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර එක්තරා උත්සවයකට පැමිණි අයුරු කියවෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

 

එම සටහන පහතින්.

 

නුවර බ්‍රිටිෂ් කවුන්සිලයේ තිබුන උත්සවේක ප්‍රධාන ආරාධිතයා වෙලා තිබුනෙ කුමාර් සංගක්කාර.

British Council හා NSB දෙකම තියෙන්නෙ එකම බිල්ඩිමේ උත්සවේ දවසෙ කවුන්සිලේ උන් සංගගෙ වාහනේට අවහිර නොවෙන්න කියල බැංකුවේ හා බ්‍රිටිෂ් කවුන්සිලයේ staff වාහනත් අයින් කරලා කාර් පාක් clear කරලා හෙන පොයියංගමක් නටලා.

දැන් ඔන්න කට්ටියම දොරකඩට වෙලා තඩි බෙන්ස් එකකින් හරි රේන්ජ් රෝවරේකින් එන සංගව පිලිගන්න ලෑස්ති පිට ඉන්නවලු.

ඔය අස්සෙ එදා මහ වැස්සකුත් ඇවිත් ඔහොම ඉද්දි කුඩ ඉහලන් pavement එකේ එහෙට මෙහෙට යන මිනිස්සු ගොඩ අස්සෙන් බාගෙට තෙමිච්ච එකෙක් කුඩේකුත් අරන් එකපාට්ටම උඩට ගොඩවෙලා.

බැලින්නං ඒ සංගා. කොළඹ ඉඳන් කෝච්චියේ ඇවිත් ස්ටේෂමෙන් බැහැලා පයින්ම ඇවිත්.

ඒක ලේසියි කීවලු. උත්සවේ ඉවර වෙලත්‍ කුඩේ අටවන් පොර ආව විදියටම ආපහු ගිහිං නිරීක්ෂණය මේකයි.

ඕනම තැනක රඟන්නෙ, show off දාන්නෙ මොකක් හෝ හීනමානයක් වහගන්න ට්‍රයි කරන මිනිස්සු. Identity එකක් හදාගත්ත අයට තමන් කවුද කියල බාහිර ආටෝපවලින් ලෝකෙට ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නෑ !

views

406 Views

Comments

arrow-up