අභිරහසක් තියා අවසන් ගමන් ගිය කළුතර තරුණියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට - තීන්දුව කුමක් වේවිද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අභිරහසක් තියා අවසන් ගමන් ගිය කළුතර තරුණියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට - තීන්දුව කුමක් වේවිද?

අභිරහසක් තියා අවසන් ගමන් ගිය කළුතර තරුණියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට - තීන්දුව කුමක් වේවිද?

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද(26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

 

එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උපකාරක පංති ගුරුවරයා මෙන්ම කළුතර - පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක එකොලොස් හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ දෙනමද අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

මේ අතර” කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙනවා.

views

329 Views

Comments

arrow-up