“ශ‍්‍රී මහා බෝධිය ලඟට ෆෝන් එපා... දැහැන බිදෙනවා” - අටමස්ථානාධිපති හිමි කියූ කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

“ශ‍්‍රී මහා බෝධිය ලඟට ෆෝන් එපා... දැහැන බිදෙනවා” - අටමස්ථානාධිපති හිමි කියූ කථාව

“ශ‍්‍රී මහා බෝධිය ලඟට ෆෝන් එපා... දැහැන බිදෙනවා” - අටමස්ථානාධිපති හිමි කියූ කථාව

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් පරිශ්‍රය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට කටයුතු කරන්නේ නම් තමන් පුද්ගලිකව කැමති බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ කියා සිටිති.



උන්වහන්සේ පෙන්වා දෙන්නේ දුරකථන තරංග වලින් බෝධීන් වහන්සේට හානියක් නොවුණද ජංගම දුරකථන භාවිතය කිරීම වන්දනාකරුවන්ගේ ඒකාග්‍රතාවට බාධාවක් වන බවයි.


උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ ජංගම දුරකථන සංඥා වලින් බෝධීන් වහන්සේට හානියක් වන්නේ දැයි සොයා බැලීමට පත් කරන ලද විද්වත් කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමිනි.



එමෙන්ම බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන පිරිසට රථගාලේ සිට පිවිසුම දක්වා පැමිණීමට විදුලි වාහන කිහිපයක් යෙදීම සුදුසු බවද නාහිමියෝ සදහන් කර තිබේ.

views

336 Views

Comments

arrow-up