“මගේ හස්බන්ඩ්ට මම නිළියක් කියන එකේ කිසිම වටිනාකමක් නැහැ, එයාට ඒ ගැන අවබෝධයක් නැහැ”‍ - ලෝචනා හෙළි කල සැමියා ගැන මෙතෙක් නොකියූ කථාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

“මගේ හස්බන්ඩ්ට මම නිළියක් කියන එකේ කිසිම වටිනාකමක් නැහැ, එයාට ඒ ගැන අවබෝධයක් නැහැ”‍ - ලෝචනා හෙළි කල සැමියා ගැන මෙතෙක් නොකියූ කථාව (VIDEO)

“මගේ හස්බන්ඩ්ට මම නිළියක් කියන එකේ කිසිම වටිනාකමක් නැහැ, එයාට ඒ ගැන අවබෝධයක් නැහැ”‍ - ලෝචනා හෙළි කල සැමියා ගැන මෙතෙක් නොකියූ කථාව (VIDEO)

ලෝචනා ඉමාෂි.. නම කියූ සැනින් ඔබට මතක් වෙන්නෙ දඟකාර හැඩකාර සුන්දර යුවතියක්. ඊටත් වඩා කටකාර යුවතියක්. ඈ ඉන්න තැනක කිසිම කම්මැලිකමක් නෑ. මොකද ඒ තරම් විනෝදශීලි තාරකාවක් ඈ.

 

විවාහයෙන් පසුව කලා වැඩවලින් ටිකක් ඈත් වුණු ලෝචනා දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. 

 

ලෝචනා නිතරම ඇගේ සැමියා සහ පුතා ඉන්න නෙදර්ලන්තයට යනවා ඔවුන් සමඟ කාලය ගත කරන්න. 

 

පසුගිය සතියේ ප්‍රසිද්ධ නාලිකාවක තිබුණු වැඩසටහනකටත් ඇයත් සහභාඅගි වුණා. 

 

එහිදී  අහන නොයෙක් ප්‍රශ්න අතර ලෝචනාගේ සැමියා ගැනත් ඇගෙන් විමසුවා. 

 

මේ තියෙන්නේ ඒ සඳහා ලෝචනා දුන්නු පිළිතුර...

"මගේ හස්බන්ඩ් මම නිළියක් කියන එකේ කිසිම වටිනාකමක් ගත්ත කෙනෙක් නෙමෙයි. එයා ලංකාවෙත්
නැහැ. එහෙම දෙයක් ඇහැට බලන්න එයා පිං කරලත් නැහැ. ඒ රටේ ඉඳලා හවුස්වයිෆ් කියන එක
විතරයි එය දැකලා තියෙන්නේ. ඒ අතින් නම් මම ගොඩක් ඉස්සරහෙන් ඉන්නවා. දැලි කුණු පෙරාගෙන
ගෙවල්වල වැඩ කරගෙන ඉන්න ඕනේ දෙයක් එක්ක ඔට්ටු වෙලා පුළුවන් මට. මට රසට උයන්න පිහන්න
පුළුවන්. ගෙදර වැඩ කරන්න පුළුවන්. ඒ දේවල් කරගෙන අපි ඒ රටට වෙලා ඉන්නවා. 

 

මේ රටේ මට අනිත් අයගෙන් හම්බෙන ආදරේ, ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ක්ෂේත්‍රයේ කරන දේවල්
මම හිතන්නේ නැහැ එයාට ඒ ගැන අදාලත්වයක් ඇති කියලා. මාව හම්බෙන්න කලින් නිෂ්පාදන කටයුතුවල
ඉඳලා ෆීල්ඩ් එක අධ්‍යයනය කරලා හිටපු කෙනෙක්. ඒ පැත්තෙන් කළාට නිළි භූමිකාව පැත්තෙන් එයාට
අධ්‍යයනයක් නැහැ. එයා ෆීල්ඩ් එක ගැන දැනුවත් කෙනෙක්. මෙහෙ මගේ වැඩවලට සහයෝගය දෙන්න
අවශ්‍ය වුණත් එයා මෙහෙ ගැවසෙන කාලය අඩු නිසා ඒක කරන්න බැරි වෙලා තියෙනවා."

views

360 Views

Comments

arrow-up