“මගේ පවුල් පසුබිමත් එක්ක දෙමව්පියන් මට පුරුදු කරලා තිබුණා.....”‍ - පවුලේ අය එක්ක දළදා වඳින්න ගිහින් පුෂ්පිකා කියපු කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

“මගේ පවුල් පසුබිමත් එක්ක දෙමව්පියන් මට පුරුදු කරලා තිබුණා.....”‍ - පවුලේ අය එක්ක දළදා වඳින්න ගිහින් පුෂ්පිකා කියපු කතාව (PHOTOS)

“මගේ පවුල් පසුබිමත් එක්ක දෙමව්පියන් මට පුරුදු කරලා තිබුණා.....”‍ - පවුලේ අය එක්ක දළදා වඳින්න ගිහින් පුෂ්පිකා කියපු කතාව (PHOTOS)

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා කියන්නෙ නිතර කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දිනවල ජනප්‍රිය නිරූපිකාවක් වෙන පියුමි හංසමාලි එක්ක ඇති වුණු ආරවුල හේතුවෙන් සමාජ ජාලාවල ඇය ගැන වැඩි අවදානයක් යොමුවුණා.

 

මේ දිනවල පුෂ්පිකාගේ මා පියන් නව වසර සමරන්න පොළොන්නරුවේ ඔවුන්ගේ නිවසේ සිට කොළඹට ඇවිත් ඉන්නේ කියලා ඇගේ සමාජ ජාලා පිරික්සන ප්‍රේක්සකයන් නම් දන්නවා ඇති. 

 

පුෂ්පිකා ඇගේ මාපියන් සහ පුංචි පුතා එක්ක මහනුවර දළදා මාළිඟාව වන්දනාමාන කරන ගිහින් තිබුනා. 

 

එහිදී ගත් ඡායාරූප කීපයක් සමඟ දළඳා වහන්සේ ගැන ඇයට ඇති භක්තිය ගැන දීර්ඝ සටහනක් ලියා සමාජ ජාලාවල පළ කරලා තිබුනා. 

 

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයි...

 

"මගේ පවුල් පසුබිමත් එක්ක මගේ දෙමව්පියන් පොඩි කාලෙ ඉඳල මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගිහින් දළදා සමිඳුන් වැඳ පුදා ගන්න මට පුරුදු කරලා තිබුණා. ඉතින් මම මගේ දෙමව්පියන් සහ පුතා එක්ක මහනුවරට ගිහින් උතුම් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. ඒ වගේම මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක ධුරන්දර දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන් වහන්සේත් බැහැදැක ආශිර්වාද ලබා ගන්න මට වාසනාව ලැබුනා. ඔබ සැමට තෙරුවන් සරණයි! උතුම් දළඳා සමිදු පිහිට ලැබේවා.! "

 

 

 

views

301 Views

Comments

arrow-up