බීමත් රියැදුරෙක් මරදන්කඩවලදී දෙදරු පියෙකු අවසන් ගමන් යැවූ හැටි

මරදන්කඩවල පොලිස් බල ප්‍රදේශයේ ඒ නවය මාර්ගයේ 101 කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් හා දරුවෙකූ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මිදිවත්ත, යොවුන් ගම්මානයේ පදිංචි දෙදරු පියෙකු වන හතලිස් දෙහැවිරිදි පී.ඩබ්. බංඩාර නමැති අයෙකි.
අවුරුදු නෑගම් ගොස් නැවත තම නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියට පිටුපසින් පැමිණි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසූ මියගොස් ඇති අතර පසු පැදිකාරියන් වූ මිය ගිය අයගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත.
කාන්තාවගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කීය. මෝටර් රථයේ රියැදුරු ආරක්ෂක අංශයේ සේවයේ නියුතුවූවකු වන අතර මෝටර් රථය සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අධික වේගය හා බීමත් රිය ධාවනය අනතුරට හේතූ වී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බව ද පොලිසිය කීය.
සැකකාර රියැදුරු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
321 Views
Comments