ධීවර වරායේ අඩි 30ක් ගැඹුර දියට වැටුණු දැරියගේ ජීවිතය ධීවරයෙක් නිසා බේරුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ධීවර වරායේ අඩි 30ක් ගැඹුර දියට වැටුණු දැරියගේ ජීවිතය ධීවරයෙක් නිසා බේරුණු හැටි

ධීවර වරායේ අඩි 30ක් ගැඹුර දියට වැටුණු දැරියගේ ජීවිතය ධීවරයෙක් නිසා බේරුණු හැටි

බේරුවල ධීවර වරායේ අඩි 30 ක් පමණ ගැඹුරු ජලයට වැටුන දරුවෙකු බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටී ධීවරයකු සමත්ව ඇතැයි බේරුවල ධිවර වරාය ආරංචි මාර්ග සදහන් කරයි.

 

සිය පියා සමග වරායෙන් මාළු මිළදී ගැනීමට පැමිණ සිටී අවුරුදු 12 ක පමණ වයසැති ගැහැනු දරුවෙකු මෙලෙස ජලයට වැටී ඇතැයි සදහන් වේ.


අළුත් අවුරුදු සමය වෙනුවෙන් මාළු මිළදී ගැනීම සදහා ධීවර වරායට විශාල පිරිසක් පැමිණ සිට ඇති අතර එහිදී සිදුවූ අධික තෙරපීම හේතුවෙන් උදෑසන 7 ට පමණ තවත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී සමබරතාවය මිදී ගොස් ලිස්සා දරුවා ජලයට වැටෙන්නට ඇතැයි පැවසේ.


සිද්දිය දුටූ බෝට්ටුවක සිටී ධීවරයකු වහා ජලයට පැන දරුවා ගොඩගත් බව බේරාගන්නා අයුරු ඇසින් දුටූ මත්ස්‍ය වෙළෙන්දෙක් පැවසීය.

 

එම ස්ථානයේ බෝට්ටු වලින් කාන්දුවූ ඩීසල් විශාල ප්‍රමාණයක් ජලයට මිශ්‍රවී තිබූ නිසා දැරිය ගොඩගත් සැනින් නහවා පිරිසිදු කල බව වැඩ්දුරටත් සදහන් වේ.

views

325 Views

Comments

arrow-up