දරුවාව පෙර පාසලට ඇරලවන්න යමින් සිටි මවට අත්වූ ඛේදනීය ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

දරුවාව පෙර පාසලට ඇරලවන්න යමින් සිටි මවට අත්වූ ඛේදනීය ඉරණම

දරුවාව පෙර පාසලට ඇරලවන්න යමින් සිටි මවට අත්වූ ඛේදනීය ඉරණම

අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක මියගියාය.

 

මිය ගිය තැනැත්තිය අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස සේවය කරන්නියක වූ අතර, ඇය සිය යතුරු පැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා අම්බලන්ගොඩ ඌරවත්ත නිවසේ සිට කොළඹ දෙසට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

 

ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් අනතුර සිදු විය.යතුරු පැදියේ පදවා යද්දී ඇයට පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය පැත්තට එය වැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 


අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ දරුවා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් කාන්තාව මියගොස් ඇත. දරුවාට තුවාල සිදුව ඇත.

 


මෙසේ මිය ගොස් තිබුනේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගර සභාවේ සේවිකාවක වන තිස්අට හැවිරිදි ලකීෂා යසස්වි ය. අනතුරින් තුවාල ලද දරුවාට අමතරව ඇයට තවත් දරුවෙකු සිටී.
 

අම්බලන්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

views

379 Views

Comments

arrow-up