ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු පිය පදවිය ලබයි - පුංචි සිඟිත්තිය සමඟ ඡායාරූපත් නිකුත් කරලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු පිය පදවිය ලබයි - පුංචි සිඟිත්තිය සමඟ ඡායාරූපත් නිකුත් කරලා (PHOTOS)

ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු පිය පදවිය ලබයි - පුංචි සිඟිත්තිය සමඟ ඡායාරූපත් නිකුත් කරලා (PHOTOS)

ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් කුමරු සහ රාජ්වා කුමරිය ඔවුන්ගේ දියණිය වන ඉමාන් කුමරියව කාටත් හඳුන්වා දීලා.

 

ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු ඡායාරූප එකතුව පහුගිය දවසක සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

 

හුසේන් කුමරු සහ රාජ්වා කුමරිය සිය දියණියව පිළිගත්තේ අගෝස්තු 3 වනදා.

 

එලෙස තමන් අතට ආ අලුත් අමුත්තිය පිළිගනිමින් හුසේන් කුමරු විසින් කාටත් ස්තුතිවන්ත වීමටත් අමතක කර තිබුණේ නෑ. ඒ රාජ්වා සහ ඉමාන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම පිළිබඳව.

 

හුසේන් - රාජ්වා රාජකීය විවාහ මංගල්‍ය ගෙවුණු වසරේ ජුනි 1 වන දා සිදු වූ අතර ඊට වේල්ස් කුමරු සහ කුමරිය ඇතුළු රාජකීය අමුත්තන් ද ඇතුළත් වුණා.

 

 

views

324 Views

Comments

arrow-up