අමෙරිකානු රූප රාජිණිය ලෙස කිරුළ පැළඳි හමුදා නිලධාරිනිය “අල්මා කූපර්” (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

අමෙරිකානු රූප රාජිණිය ලෙස කිරුළ පැළඳි හමුදා නිලධාරිනිය “අල්මා කූපර්” (PHOTOS)

අමෙරිකානු රූප රාජිණිය ලෙස කිරුළ පැළඳි හමුදා නිලධාරිනිය “අල්මා කූපර්” (PHOTOS)

එක්සත් ජනපද හමුදා නිලධාරිනියක්, මෙවර Miss USA 2024 ලෙස පසුගියදා(04) කිරුළු පැළඳුවා.

 

මිචිගන් හි වෙසෙන 22 හැවිරිදි ඇය නමින් අල්මා කූපර් (Alma Cooper)

 

ඒ අනුව, නොවැම්බරයේදී මෙක්සිකෝවේ පැවැත්වෙන 2024 විශ්ව රූ රැජින තරගය සඳහා ඇය එක්සත් ජනපදය නියෝජනය කරනු ඇති.

 

 

විදෙස් වාර්තාවන්ට අනුව, අල්මා කූපර් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දත්ත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට ද හිමිකම් කියයි.

 

අවසන් මහා තරගයේදී ප්‍රශ්නෝත්තර සැසියකයට මුහුණ දෙමින් ඇය පවසා තිබුණේ සංක්‍රමණික කම්කරුවෙකුගේ දියණියක් ලෙස තමා වඩාත් ආඩම්බර වන බවයි.

 

“සංක්‍රමණික කම්කරුවෙකුගේ දියණියක් සහ එක්සත් ජනපද හමුදාවේ නිලධාරිනියක් ලෙස,

මම අමෙරිකානු සිහිනය ජීවත් කරමි.

මගේ ජීවිතය සහ මගේ මව මට ඉගැන්වූ යමක් තිබේ නම්,

ඒ 'ඔබගේ තත්ත්වයන් කිසි විටෙකත් ඔබේ ඉරණම නිර්වචනය නොකරයි...''

 

views

254 Views

Comments

arrow-up