සුනඛයෙකුට අධික ලෙස ආහාර ලබාදීමෙන් සුනඛයා අවසන් ගමන් යයි - ආහාර ලබාදුන් කාන්තාවට සිදුවූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

සුනඛයෙකුට අධික ලෙස ආහාර ලබාදීමෙන් සුනඛයා අවසන් ගමන් යයි - ආහාර ලබාදුන් කාන්තාවට සිදුවූදේ

සුනඛයෙකුට අධික ලෙස ආහාර ලබාදීමෙන් සුනඛයා අවසන් ගමන් යයි - ආහාර ලබාදුන් කාන්තාවට සිදුවූදේ

53.7kg බරකින් යුත් සුනඛයෙකු මිය යාමෙන් පසු එම සුනඛයාගේ හිමිකාරිය මාස දෙකක සිර දඬුවමකට යටත් කළ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වනවා.

 

සුනඛයාගේ මරණයට හේතුව අධික තරබාරුකම නිසාවෙන් හටගත් සංකූලතාවන්ගෙන් වූ එකක් බව සඳහන්.

 

එරට සත්ත්ව හිංසනය වැළැක්වීමේ සංගමය (SPCA) කළ ප්‍රකාශයකට අනුව 'Nuggi' නම් එම සුනඛයා 2021 වසරේදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 54කට ආසන්න බරකින් යුක්තවයි.

 

තරබාරුකම නිසාවෙන් සුනඛයාට, චලනය වීමට පවා නොහැකිව පසු වූ බව සඳහන්.

 

ඒ අනුව බලධාරීන් විසින් නුගීව සහ තවත් එවැනි ම සුනඛයින් රැසක් හිමිකරුගෙන් වෙන්කර SPCA වෙත භාරදීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

 

SPCA හි රැකවරණය යටතේ නුගීගේ බර මාස දෙකකින් කිලෝග්‍රෑම් 8.8ක් අඩු වූ නමුත් පෙර පැවති අධික තරබාරුකම නිසාවෙන් මතු වූ රෝග හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

 

පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අක්මා ගැටළු ප්‍රමුඛ තවත් සෞඛ්‍ය ගැටලු රැසක් එම මරණයට හේතු වී ඇති බවයි.

 

ඒ අනුව හිමිකරු වෙත එල්ල කර ඇති චෝදනා නම් සුනඛයාගේ වෛද්‍ය අවශ්‍යතා, චර්‍යා රටා, ශාරීරික අවශ්‍යතා සැපයීමට අපොහොසත් වීම යනාදියයි.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ හිමිකරු විසින් එම චෝදනාවන්ට තමන් වැරදිකරු බවට ද පිළිගත් බවයි.

 

එහි ප්‍රතිඵලයක් වශයෙනි, ඕක්ලන්ඩ් හි දිස්ත්‍රික් අධිකරණයක් විසින් හිමිකරුට මාස දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 1,222 NZD ($720) ක දඩයක් නියම කර ඇත්තේ.

 

එමෙන්ම ඇයට වසරක කාලයක් යනතුරු සුනඛයින් ඇති කිරීමට ඉඩනොදෙන ලෙසත් නියම කර තිබෙනවා.

 

මියගිය නුගීගේ තරබාරුකම කෙතරම් දරුණුව පැවතියේද යත්, මේද තට්ටුව නිසාවෙන් පශු වෛද්‍යවරුන්ට වෙදනලාවකින් සුනඛයාගේ හද ගැස්ම බැලීමට පවා නොහැකි වූ බව සඳහන්.

 

ඊට අමතරව, සුනඛයාගේ නියපොතු අධික ලෙස වැඩී ඇති බව ද දක්නට ලැබී තිබෙනවා.

 

"කණගාටුදායක ලෙස අපි දිනපතාම අඩු බර, කුසගින්නෙන් පෙළෙන හෝ මන්දපෝෂණයෙන් පෙළෙන සතුන් දකිමු.

නමුත් අධික ලෙස පෝෂණය වූ අසරණ සතෙකු දැකීම ඒ හා සමානව හද කම්පා කරවන්නකි.,," යනුවෙන් මෙම සිදුවීම පිළිබඳව SPCA හි බලධාරීන් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා.

 

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ නුගීගේ හිමිකාරිය විසින් නුගී හට දිනකට කුකුළු මස් කැබලි 8-10 ක් සහ අතිරේක සුනඛ බිස්කට් ද ලබාදී පෝෂණය කර ඇති බවයි.

views

266 Views

Comments

arrow-up