මිස්ටර් බීන්ට ඇත්තටම අසාධ්‍යයිද? - නැත්නම් මේක ඉස්සර වගේ බොරුවක් ද? (PHOTOS)

අපි කාගේත් ආදරය දිනාගෙන ඉන්න ප්‍රසිද්ධ හොලිවුඩ් විකට නළු මිස්ටර් බීන් ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සඳහන්වන පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වන බව වාර්තා වනවා.
නමුත් මෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි Fact Crescendo / newschecker.in සිදු කළ සමික්ෂණයකින් හෙළිවී ඇත්තේ.
2020 වසරේදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගී පුදගලයෙකුගේ ඡායාරූපයක් මිස්ටර් බීන් එහෙමත් නැත්නම් Rowan Atkinson ගේ මුහුණ යොදා සංස්කරණය කොට මේ ආකාරයට සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.
නමුත් මිස්ටර් බීන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් පසුගිය සතියේ පවා ඔහු Formula One වෙනුවෙන් කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වී ඇති බවත් සඳහන්.
මේ ආකාරයට මිස්ටර් බීන්ව සම්බන්ධ කරගනිමින් අසත්‍ය පුවත් පසුගිය වසර කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වණු දක්නට ලැබුණා.
277 Views
Comments