“සුදුම හීනෙට අනේ පණ ඇවිත්... මයෙ කුස පිනෙන් පිරුණා” - උපන්දිනය දවසෙ මාධවීගෙන් සුබ ආරංචියක් (PHOTOS)

ඇන්තනී පවුලට අද සුබ ම සුබ දවසක්.
ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අද ඇන්තනී පවුලේ කෙලි පොඩ්ඩ, මාධවී ඇන්තනීගේ උපන්දිනය.
එතකොට අනෙක් ආරංචිය තමයි, මාධවී උතුම් වූ මව් පදවිය ලබන්න යන ආරංචිය.
මේ ආරංචිය ගැන ආදරේ කරන කාටත් කියන්න, කසුන් - මාධවී දෙන්නා අද වගේ ලස්සන දවසක් එනකල් ම මග බලාගෙන ඉඳලා.
එහෙම බලාගෙන උන්නු ඔවුන් අපූරූ ඡායාරූප එකතුවක් ම එක්ක, ආදරණීය ලියවිල්ලකින් ඒ සුබ ආරංචිය ගැන කියලා තිබුණෙ මෙන්න මෙහෙමයි...
''උපන්දින ආරංචිය
----------------------------------
බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර
මල්වර නැකතින් අවසර ලත් දා සිට
දහසක් බාදා ආවත් නොගෙන කමකට,
පෙරුම්පුරාගෙන රැකගත්ත...
පිළිගත්ත...
කල් රැක්ක...
සුදුම හීනෙට අනේ පණ ඇවිත්...
මයෙ කුස පිණෙන් පිරුණා!
පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,
දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,
ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,
හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!
කසුන් කුමරු වරමින්
"අප්පච්චි දෙවි" පිහිටෙන්
හෙට මව් රැජිනක් වී
ආදරේ පණ ගැහෙන සාක්කියට
ආඩම්බරෙන් දිවි දෙන්න...
සියළු දෙවියෝ රැකගනීවා!
සුවය සවි බල දිරි ගෙනේවා!
හිත් නිවී සතුටින් පිරේවා!
ආවඩා ආයුබෝ වේවා!!!''
10129 Views
Comments