“මේ ජයග්‍රහණය අභාවප්‍රාප්ත වූ මාගේ පියා වෙනුවෙන්” - ලොව වේගවත්ම කත ජූලියන් ඇල්ෆ්‍රඩ්

ජූලියන් ඇල්ෆ්‍රඩ් (Julien Alfred) 2024 පැරිසියේ මීටර් 100 කාන්තා ශූරතාවට පිවිසියේ ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් පදක්කම්ලාභියා ලෙස ඉතිහාසගත වීමටයි.
ඇගේ සිහිනය සැබෑවක් කරමින්, පසුගියදා පැවති මීටර් 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම තමන් සන්තක කරගැනීමට 23 හැවිරිදි ජූලියන් සමත්කම් දැක්වූවා.
ඒ, තත්පර 10.72 ක නව වාර්තාවක් ද සමඟ ලොව වේගවත්ම කාන්තාව බවට පත්වෙමින්.
ජූලියන් ඇල්ෆ්‍රඩ් මෙලෙස ලද ජයග්‍රහණය වඩාත් අර්ථවත් වන්නේ මෙතෙක් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු දැරූ අමෙරිකානු ලෝක ශූරිය වන ෂාකාරි රිචඩ්සන් ඇය හමුවේ පරාජය වීම නිසාවෙන්.
ඒ අනුව අමෙරිකානු ක්‍රීඩිකාව හට තත්පර 10.87ක කාලයක් තුළ රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදු වුණා. එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ අමෙරිකාවේ මෙලිසා ජෙෆර්සන් (10.92) ය.
ලොව වේගවත්ම කත වූවා පමණක් නොව, කැරිබියන් දූපත්වල ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් පදක්කම් ලාභිනිය යන ගෞරව නාමයත් ජූලියන් සතුවීම විශේෂය.
ජයග්‍රහණයෙන් අනතුරුව ජූලියන් ප්‍රකාශ කළේ තමන්ගේ මෙම ජයග්‍රහණය 2013 වසරේ දී අභාවප්‍රාප්ත වූ සිය පියා වෙනුවෙන් වන බවයි.
එමෙන්ම ජූලියන් ඇල්ෆ්‍රඩ් සඳහන් කර සිටියේ තමන් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන රජු උසේන් බෝල්ට්ගේ ආභාසය ඇතිව ඉදිරියට යන බවයි.
"උසේන් බෝල්ට් මෙච්චර පදක්කම් දිනලා තියෙනවා. මම අද උදේ ආපහු ගිහින් එයාගේ රේස් බැලුවා....''
1080 Views
Comments