“මහින්දව දාලා රනිල් ලඟට ගියේ අම්මා කිව්ව නිසා” - රෝහිත අබේගුණවර්ධන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය. ඒ සමග ඔහු පවසා ඇත්තේ එය තම මෑණියන්ගේ කීමට කළ දෙයක් බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කළ මත විමසීමෙන් පසු ඔහු මෙම අදහස පළ කළේ ය.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන ලෙස කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා යෝජනා කළ අතර, කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ටී.ඩී. ජයසිරි මහතා ස්ථීර කළේ ය.
පානදුර මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන්, කළුතර හිටපු නගරාධිපති ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
“69 ලක්ෂයක් ගත්ත අපිට මළ ගෙදරක යන්න බැරි වුණා. මගේ නායකයා මහින්ද රාජපක්ෂ, ගුරුවරයා බැසිල් රාජපක්ෂ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන නමුත් මහින්ද රාජපක්ෂව රකිනවා.
සැප්තැම්බර් 21 මගේ උපන් දින දවසේ රනිල් දිනවන්න කටයුතු කරනවා. දේශපාලන සදාකාලික මිතුරන් සහ හතුරන් නැත. අපේ දේශපාලන සතුරා ජේවිපී සහ සජබ. අපිට ඒ කඳවුරු දෙකේ හිටගන්න බෑ. 2015දී අම්මා මට කීවා. පුතේ උඹ මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා යන්න එපා කියලා. අද අම්ම කීවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට යන්න කියලා.”
277 Views
Comments