අභිෂේක් - ඓශ්වර්යා දෙපළගේ දියණිය ආරාධ්‍යාගේ, 13 වැනි උපන්දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

අභිෂේක් - ඓශ්වර්යා දෙපළගේ දියණිය ආරාධ්‍යාගේ, 13 වැනි උපන්දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)

අභිෂේක් - ඓශ්වර්යා දෙපළගේ දියණිය ආරාධ්‍යාගේ, 13 වැනි උපන්දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)

බච්චන් පවුල කියන්නෙ, මේ වෙද්දි වඩාත් කතාබහට ලක්වන තරු පවුලක්.

 

ඒ කතාබහට හේතුව, අභිෂේක් - ඓශ්වර්යා දෙන්නගෙ වෙන්වීම !

 

ඔවුන් වෙන්වෙලා යැයි කියන්නෙ හුදු ආරංචි මාර්ග මිස, මේ දෙන්නගෙන් කිසිවෙක්ගෙ නිල තහවුරු කිරීම් සහිතව නම් නෙවෙයි.

 

නමුත්, ඔවුන් අතර කවරාකාර හෝ ගැටළුවක් ඇති බවට නම් සාක්ෂි ප්‍රසිද්ධියේම තියෙනවා.

 

ඒ නිසාම මේ තරු පවුල ගැන කවුරුත් ඇහැ ගහගෙන ඉන්නෙ.

 

පවුල ඇතුළෙ වන පුංචි පුංචි කාරණාවන් පවා හොයලා බලන රසික පිරිස දැන් වැඩියි.

 

ඔවුන් අතර කතාබහට ලක්වුණු ආසන්නතම, සිදුවීම තමයි අභිෂේක් - ඓශ්වර්යා යුවළගේ දියණිය ආරාධ්‍යාගේ 13 වැනි උපන්දින සැමරුම.

 

ආරාධ්‍යාගේ උපන්දිනය යෙදිලා තිබුණෙ, නොවැම්බර් 16 වැනිදාට.

 

ඇගේ උපන්දිනය වෙනුවෙන්, ඓශ්වර්යා සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ සුබපැතුම් එක්කාසු කරලා තිබුණෙ තරමක් ප්‍රමාද වෙලා.

 

ඓශ්වර්යාගේ පියා, අභාවප්‍රාප්ත වුණු ක්‍රිෂ්ණරාජ් රායිගේ උපන් දිනය නොවැම්බර් 21. පියාගේ මතක සිහිකරන්නත් ඇය ඒත් එක්කම කටයුතු කරලා.

 

 

සුබපැතුමත් එක්ක සොඳුරු සේයා රූ එකතුවකුත් සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තිබුණා.

 

ඊට ආරාධ්‍යාගේ උපන්දින සාදයේ ඡායාරූපත් ඇතුළත්. නමුත් එහි අභිෂේක් නම් පේන්න නෑ.

 

ඒ වුණත් ඓශ්ගේ අතැඟිල්ලෙ තවමත් 'මංගල මුද්ද' රැඳී තිබීම සුවිශේෂීයි. මොකද, මේ ගෙවෙන්නෙ ඇයගේ දික්කසාදය ගැන දැඩිව කතාබහ කෙරෙන කාලයක්.

 

 

ඓශ්වර්යා එහෙම ප්‍රමාද වෙලා හෝ දියණියගේ උපන්දිනය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත්ත ද අභිෂේක් නම් ප්‍රසිද්ධියේ කිසිදු සුබපැතුමක් තබා තිබුණේ නෑ.

 

නමුත් ඔහු ගෙවුණු වසරේ, දියණියගේ උපන්දිනය වෙනුවෙන් මෙවන් ආදරණීය සටහනක් තබා තිබුණා.

 

 

නොවැම්බර් මාසය ඓශ්වර්යාට විශේෂයි. ඇයගේත්, දියණියගේත්, පියාගේත් උපන්දින මාසය මෙය වීමයි ඊට හේතුව.

ඓශ්වර්යා වෙනුවෙන් නම් බච්චන් පවුලෙන් උපන්දින සුබපැතුමක් දක්නට ලැබුණේ නෑ. නමුත් ඓශ්, ගෙවුණු මාසයේ යෙදී තිබුණු අමිතාබ් බච්චන්ගේ උපන්දිනයට සුබපැතුම් එක්කාසු කරලා තිබුණා.

අභිෂේක් - ඓශ්වර්යා යුවළ සහ දියණිය ආරාධ්‍යා එකම මොහොතක අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී උන්නෙ, අනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල්‍යයේදී.

නමුත් එතැනටත් ජෝඩුව ඇවිත් තිබුණෙ වෙන වෙනම....

 

 

views

335 Views

Comments

arrow-up