“මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්..” - දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු වරට කිරුළු දැරූ ශ්‍රවණාබාධිත රූමතිය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

“මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්..” - දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු වරට කිරුළු දැරූ ශ්‍රවණාබාධිත රූමතිය (PHOTOS)

“මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්..” - දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු වරට කිරුළු දැරූ ශ්‍රවණාබාධිත රූමතිය (PHOTOS)

2024 වසරේ දකුණු අප්‍රිකානු රූ රැජින ලෙස ශ්‍රවණාබාධ සහිත තරුණියක් කිරුළු දරා තිබෙනවා.

 

Mia Le Roux නම් ඇය සිය ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තමන් මෙන් සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන අයට මෙම ජයග්‍රහණය බලාපොරොත්තුවක් ගෙන එනු ඇති බවයි.

 

එමෙන්ම විවිධ අවශ්‍යතා ඇති පිරිස් සඳහා මෙන්ම මූල්‍යමය අපහසුතා ඇති පිරිස් සඳහා තමාට උපකාර කිරීමට අවැසි බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

 

 

28 හැවිරිදි මියා හට වයස අවුරුද්දක් පමණ වන විට ප්‍රබල ශ්‍රවණාබාධයක් ඇති බව හඳුනාගෙන ඇති අතර ඇයට ශබ්ද ඇසීමට උපකාර වන ශ්‍රවණ උපකරණයක් ද බද්ධ කිරීමට සිදුව ඇති බව සඳහන්.

 

එමෙන්ම ඇයට කථනය සඳහා ද වසර දෙකක කාලයක් පමණ වෙහෙසීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

 

නිරූපිකාවක සහ අලෙවි කළමනාකාරිණියක ලෙස කටයුතු කරනු ලබන මියා ලොවට ආඩම්බරයෙන් කියූ කාරණාව නම්,

 

''මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්.

මම දැන් දන්නවා මායිම් කඩන්න මාව මේ ග්‍රහලෝකයට එව්වා කියලා...'' යන්නයි.

 

 

views

250 Views

Comments

arrow-up