“මෙහෙම විකෘති කළාම දැනෙන දේ, තමන්ගේ කෙනෙක්ට වෙනකන් දැනෙන්නෙ නෑ” - සමාජ මාධ්‍යයේ පලවූ දෙයක් ගැන සංගීත් රිදෙන්න කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

“මෙහෙම විකෘති කළාම දැනෙන දේ, තමන්ගේ කෙනෙක්ට වෙනකන් දැනෙන්නෙ නෑ” - සමාජ මාධ්‍යයේ පලවූ දෙයක් ගැන සංගීත් රිදෙන්න කියයි

“මෙහෙම විකෘති කළාම දැනෙන දේ, තමන්ගේ කෙනෙක්ට වෙනකන් දැනෙන්නෙ නෑ” - සමාජ මාධ්‍යයේ පලවූ දෙයක් ගැන සංගීත් රිදෙන්න කියයි

සමාජ මාධ්‍ය කියන්නෙ 'හොඳ' 'නරක' සහ 'ධනාත්මක' 'සෘණාත්මක' ඕනෑම දෙයක් සැනින් හුවමාරු වන තැනක්.

 

සමහර දේවල් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් බහුතර සමාජ මාධ්‍ය පරිශීලකයින් තුළ ඇත්තේ ම නෑ.

 

දාන පෝස්ට් එකකින්, වීඩියෝවකින්, ඡායාරූපයකින්, කමෙන්ට් එකකින් විතරක් නෙවෙයි ඒවා හුවමාරු කරගැනීම තුළින් තවත් පාර්ශවයකට විය හැකි බලපෑම ගැන බොහෝමයක් පිරිස් හිතන්නේ ම නැති තරම්.

 

ඊට නිදසුන් සපයන කතාබහක් මේ මොහොතේත් සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙනවා.

 

කතාවට මුල් කරගෙන තියෙන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනි දිනිති වල්ගමගේව.

 

සංගීත් - දිනිති දෙන්නව නිර්මාණවලින් එහාට රසිකයින් අතර ජනප්‍රිය ඔවුන්ගේ ආදර කතාව නිසා.

 

එහෙම කතාබහට ලක්වන දිනිති ගැන මේ වෙද්දි කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ, ඈ නිර්මාණයකට දායක වුණු විඩීයෝවක් විකෘති කරමින් සකසන ලද 'ව්‍යාජ වීඩියෝවක්' නිසාවෙන්.

 

මේ ගැන දිනීගේ ආදරණීය සැමියා සංගීත්, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක්කාසු කර තිබුණා.

 

ඒ, මෙවන් අකටයුතුකම් කරන පහත් මානසිකත්ව ඇති පුද්ගලයින් ගැන...

 

''ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ "සුසුම් රස්තියාදුව" ටෙලි නාට්‍යයේ කොටසක් සහමුලින් විකෘති කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා පහත් සතුටක් ලබන්න පුලුවන් අවජාතක එවුන් අපි අතර ඉන්නවා කියන එක පුදුමයක් නෙමෙයි.

හැබැයි ඒවා Edit කියලා දැන දැනත් ඒක පිළිගන්න තියන අකමැත්තට පහත් මානසිකත්වයෙන් ඒක රස කර කර Comment and share කර කර ඒකෙන් විනෝද වෙන උන් මුලින්ම බලපන් උබේ හැලිලා තියෙන්නේ දෙකෙන් මොන එකද කියලා.

තමන් නොකරපු දෙයක් මෙහෙම විකෘති කළාම දැනෙන දේ තමන්ගෙ නංගිට තමන්ගේ කෙල්ලට වෙනකන් දැනෙන්නෙ නෑ.

ඒක උඹලට තවත් ආතල් එකක් විතරයි.''

 

views

640 Views

Comments

arrow-up