බුදුන් වඳින්න පන්සල් යන්න බලා සිටි තුන් හැවිරිදි සිඟිත්තිය ළිං පතුලේ සැඟවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

බුදුන් වඳින්න පන්සල් යන්න බලා සිටි තුන් හැවිරිදි සිඟිත්තිය ළිං පතුලේ සැඟවෙයි

බුදුන් වඳින්න පන්සල් යන්න බලා සිටි තුන් හැවිරිදි සිඟිත්තිය ළිං පතුලේ සැඟවෙයි

මල්වානේ වල්ගම, නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් පසුගිය ඇසළ පුන් පොහෝ දින පස්වරුවේ මිය ගියාය.

 

මෙසේ මිය ගොස් ඇත්තේ මල්වානේ වල්ගම, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.පී. ඩිමාෂි ජනිත්මා මධුශංක නැමැති තුන් හැවිරිදි දැරියකි.

 

මේ පිළිබඳ මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් එදිනම රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වනු ලැබීය.

 

මේ මරණ පරීක්ෂණයේදී බියගම පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් ආනන්ද අලගියවන්න මහතාගේ (52345) සාක්ෂි මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මිය ගිය දැරියගේ මව වන බී.ටී. රසිකා ප්‍රියදර්ශනී මෙසේ කියා සිටියාය.

 

මිය ගොස් සිටින්නේ මගේ එකම දරුවායි. සිද්ධිය වූ ඇසළ පොහෝ දින මගේ මහත්තයා රැකියාවට ගිහින් සිටියේ. ඔහු පුද්ගලික ආයතනයක රැකියාව කරනවා.

ඇසළ පොහෝ දින පස්වරු 5.30 ට පමණ මා පන්සල් යාම සඳහා දියණියත් සමග නිවෙස පිටුපස තිබෙන නාන ළිඳට ගියා. ළිඳට ගිහින් දියණියගේ ඇගපත සෝදලා මාත් ඇගපත සෝදා ගෙන නිවෙසට ආවා. එසේ පැමිණ මා පන්සල් යාම සඳහා මල් කැඩුවා.

මල් කඩලා දියණිය බලන විට පෙනෙන්නට සිටියේ නැහැ. ඉතින් මා දියණිය සොයන්න නැවත නාන ළිඳ ළගට ගිහින් බැලුවා. ඒත් දියණිය හමුවුණේ නැහැ. පසුව හැමතැනම දියණිය සොයන විට ළිඳට වැටී සිටින බව දැන ගැනීමට ලැබුණා. පසුව දියණියගේ මළ සිරුර ගොඩට ගත්තා. ඒ වනවිට වේලාව පස්වරු 6.00 ට පමණ ඇති.

 

 

සාක්ෂි සටහන් කර ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහා රෝහලට යවන ලෙසට පොලිසියට නියෝග කෙළේය. මේ අනුව මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම මහා රෝහලේ දී පැවැත්වීමට කටයුතු කර තිබුණේය.

views

349 Views

Comments

arrow-up