උසාවිය ඇතුලේ විනිසුරුවරයා ඉදිරියේදීම හිටපු පෙම්වතියගේ කන පැලූ පෙම්වතා - අවසානයේ උසාවිය දුන් තීන්දුව

යාපනයේ මල්ලාකම් අධිකරණය තුළදී පෙම්වතෙකු විසින් පෙම්වතියට කම්මුල් පාරවල් තුනක් එල්ල කිරීමේ සිද්ධියක් මත එම තරුණයාව දින දාහතරක කාලයකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කොට තිබේ.
යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ තරුණයෙකු සිය නිවසට ආසන්නයේ නිවසක තරුණියක් සමග කාලයක් ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් අති අතර තරුණයාගේ අශෝභන හැසිරීම් රටාව නිසා තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාවය මීට මාසයකට පමණ පෙර නවතා දමා තිබේ.
නමුත් තරුණයාගෙන් නිතර නිතර මේ තරුණියට විවිධ අන්දමේ හිංසා පීඩා හා බලපෑම් එල්ල වන නිසා ඇය ඒ පිළිබදව අච්චුවේලී පොලීසියට පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ල අච්චුවේලී පොලීසිය විසින් විභාග කළද තරුණියට සිදුවන අඩන්තේට්ටම් අඩු නොවන නිසා පොලීසිය එම තරුණයාට එරෙහිව මල්ලාකම් අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී තරුණිය විසින් අධිකරණය හමුවේ කරණ ලද ප්‍රකාශයකට දැඩි ලෙස උරණ වූ තරුණයා එක්වරම තරුණිය වෙත දිව ගොස් අධිකරණය තුළදීම මහේත්‍රාත්වරයා ඉදිරිපිටම කම්මුල් පහරවල් තුනක් එල්ල කොට තිබේ.
374 Views
Comments