පාසල් විනෝද චාරිකාව කඳුළු ගඟකින් නිමාවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

පාසල් විනෝද චාරිකාව කඳුළු ගඟකින් නිමාවූ හැටි

පාසල් විනෝද චාරිකාව කඳුළු ගඟකින් නිමාවූ හැටි

විනෝද චාරිකාවක් සඳහා පැමිණි උඩවලව, සංඛපාල ශ්‍රී ගුණරතන මහා විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 41ක පිරිසක් පෙරේදා (30) පස්වරුවේ කතලුව පාලම අසල මෝයකටේ දිය නාමින් සිටියදී එහි සිටි අයෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇති අතර තවත් දෙදෙනකු දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

 

මෙකී පිරිස දිය නාමින් සිටියදී රළ පහරකට හසුවීමෙන් එක් අයෙකු ගසාගෙන ගොස් ඇත. ඒ සමග එහි සිටි දෙදෙනකු ඔහු බේරාගැනීම සඳහා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාද දියේ ගිලී ඇත. පසුව ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව එම පුද්ගලයන් දෙදෙනා බේරාගෙන ඇත.

 

ඔවුන් දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. දියේ ගිලීමෙන් අතුරුදන් වී ඇත්තේ උඩවලව සංඛපාල ශ්‍රී ගුණරතන මහා විද්‍යාලයේ සේවය කරනු ලැබූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකු වන හර්ෂ හෙමාල් විජේවර්ධන (35) නමැති විවාහකයෙකි. මොහු කහවලතැන්න, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සෙවීම සඳහා පොලිසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ආරම්භ කොට ඇත. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. එම්. දුනුවිල මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

views

401 Views

Comments

arrow-up