ඇතුගලට ගිනි තැබු පෙම්වතුන් යුවළට වෙන්න යනදේ

විවාහ ගිවිස ගැනීමට සිටින යුද හමුදා සෙබළකු සහ පෙම්වතිය ඉකුත් 18 දින ඇතුගල මුදුණේ ළඳු කැළෑවට හිතාමතාම ගිනි තබා ප්‍රදේශයට හානි කිරීමේ චෝදනා මත කැළෑ ආඥා පනත යටතේ කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු විභාගය අද (21) දින සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ පනාගොඩ යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටින නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි (24) යුද හමුදා සෙබළා ඔහු විවාහ ගිවිස ගැනීමට සිටින මාතලේ මහවෙල පදිංචි (20) කාන්තාව සමග ඉකුත් 18 දින ඇතුගල මස්ථකයේ පිහිටි බුදුරුව වැඳපුදා පියගැට පෙළ පහලට එද්දී ලඳු කැළෑ ප්‍රදේශයේදී වාඩිවී සිටියදී පෙම්වතාගේ සාක්කුවේ තිබූ ගිනිපෙට්ටිය ගත් පෙම්වතිය ගිනිකූරක් පත්තුකර වියළී තිබූ කැළෑවට දමා ඇත.
ක්ෂණිකව හටගත් ගින්න පැතිරයෑම වළක්වාලීමට පෙම්වතුන් උත්සාහ ගත්තත් අසාර්ථක වී ඇත.
ඇතුගල මත රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කුරුණෑගල මහනගර සභා ගිනි නිවන ඒකකයේ සේවකයින්ගේ සහයෝගයෙන් ගින්න පැතිරයෑම මර්දනය කිරීමට හැකිවී ඇත.
පර්චස් 3 පමණ ප්‍රමාණයක් කැළෑව විනාශ වී ඇති අතර වෙනත් අභ්‍යන්තර විනාශයක් සිදුවී ඇත්දැයි විමර්ශන සඳහා පුරාවිද්‍යා සහ වන සංරක්ෂණ නිලධාරින් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
573 Views
Comments